Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා සහ පාකිස්තාන ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ලකුණු 8 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 151 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 142 ක් පමණි. සාකා අහමඩ් පන්දු 39 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 53 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ශ්‍රවනාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 150 ක් ලබාගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ජී.එල්. මැල්කම් පන්දු 59 කදී නොදැවී ලකුණු 73 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගිනි.
තරගාවලියේ දෙවැනි විස්සයි-20 තරගය අද (5 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබිණ.
ශ්‍රී ලංකා සහ පාකිස්තානු ශ්‍රවණාබාධිත කණ්ඩායම් අතර එක්දින තරග තුනක් මේ මස 6, 8 සහ 9 දිනවලදී පැවැත්වේ. මෙම තරග සියල්ලම හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත පිල - ඕවර 20 කදී කඩුලු 2 කට 150
(දිනුක සචින් 25, ජී.එල්. මැල්කම් නොදැවී 73, රාජිත අසංක 17)
පාකිස්තාන ශ්‍රවණාබාධිත පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 142
(සාකා අහමඩ් 53, කමාර් නවීඩ් 37, එම්. නදීම් නොදැවී 28)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.