Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේ සිට..)
පන්දු 7 ක් ඇතුළතදී දිමුත් කරුණාරත්න (83) සහ දිනේෂ් චන්දිමාල් (61) දෙදෙනාම දැවී යාමෙන් ශ්රී ලංකා දෙවැනි ඉනිම සසළ විය. එහෙත් ධනංජය ද සිල්වා (නොදැවී 34) සහ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 34) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 59 ක අඛණ්ඩ සම්බන්ධතාව නිසා ගාල්ල ක්රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (20 වැනිදා) සවස ක්රීඩාව නතර කරන විට ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 202 කින් ඉදිරියට පැමිණ සිටියේය.
පස්වරු 5.45 දක්වා ඇදී ගිය තරගයේ නිමාව පෙනෙන තෙක් මානයේදී ධනංජය මෙන්ම මැතිව්ස්ද දැවී යාමේ අවස්ථා දෙකකින් යාන්තමින් ගැලවිණ.
ධනංජය ලකුණු 30 ක් ලබා සිටියදී මිචෙල් සෑන්ට්නර්ගේ පන්දුවක් නායකයාගේ පිත්තේ යාන්තමින් ගෑවී කඩුලු රකින්නාටත් පළමු ස්ලිප් ක්රීඩකයාටත් අතරින් පියාඹා ගියේය.
මැතිව්ස් ලකුණු 32 ක් ලබා සිටියදී අජාස් පතෙල්ගේ පන්දුවක් පා ආවරණයේ වැදීම සම්බන්ධයෙන් මයිකල් ගෆ් මහතා දුන් තීන්දුව තුන්වැනි විනිසුරුවරයාටත් යොමු කරන ලද නමුත් අවසානයේදී පිටියේ විනිසුරුවරයාගේ මතය අනුමත වීමෙන් මැතිව්ස්ගේ කඩුල්ල ඉතිරි විය.
අද දින දිවා ආහාරයෙන් පසුව නවසීලන්ත පන්දු යවන්නන්ට එකම අවස්ථාවක් හෝ නොදුන් දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනා තේ පානය දක්වාම තම කඩුලු ආාරක්ෂා කරගත්හ. මෙම පිතිකරුවන් දෙදෙනාගේ දායකත්වය හේතුවෙන්, තේ පානය වන විට ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 99 කින් ඉදිරියෙන් සිටියේය.
ඉඳහිට කණ්ඩායමේ සාමාජිකයන්ගේ ගත සීතල වන පහරක් දෙකක් ගැසූ නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 147 ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූ දිමුත් සහ චන්දිමාල් මහත් සංයමයෙන් යුතුව පන්දුවට පහර දුන්හ. දෙදෙනාම දැවී ගියේ ඉතාමත් හොඳ පන්දු දෙකකිනි.
විනාඩි 201 ක් පුරා පිටියේ සිටි දිමුත් කරුණාරත්න, මුහුණ දුන් පන්දු 127 කින් 6 ක් හතරේ සීමාවෙන් එපිටට යැවීය.
මෙම තරගයේ සිට ශ්රී ලංකා කණ්ඩායමේ අංක 3 පිතිකරුවාගේ වගකීම බාරගෙන සිටි චන්දිමාල් මුල් ඉනිමේදීත් හොඳ ලකුණු 30 ක් ලබාගත් අතර දෙවැනි ඉනිමේදී පැය තුනකට වැඩි කාලයක් පිටියේ සිටිමින් හතරේ පහර 6 කින් සිය ඉනිම අලංකාර කළේය.
අද පෙරවරුවේදී ලකුණු 13 ක් ඇතුළත කඩුලු හතරක් බිම දමාගත් ශ්රී ලංකා ක්රීඩකයන්ට එක ලකුණකින් හෝ මුල් ඉනිමේ වාසිය අත්පත් කරගැනීමේ කදිම අවස්ථාවක් තිබිණ.
එහෙත් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 36 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ග්ලෙන් පිලිප්ස් සහ විලියම් ඕ’රූක් නවසීලන්ත පිලට එම අවස්ථාව ලබා දුන්හ. සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 340 ක් ලබාගත් නවසීලන්තය ලකුණු 35 ක මුල් ඉනිමේ වාසියක් අත්පත් කරගත්තේය.
පෙරවරු 9.45 ට තරගය ආරම්භ කළේ ඊයේ දිනයේ අහිමි වූ කාලය නැවතත් අත්පත් කරගැනීමේ අටියෙනි. දිනයේ සිව්වැනි ඕවරයේදීම ටොම් බ්ලන්ඩ්ල් ගැසූ ස්වීප් පහරක් වැරදී යාමෙන් ධනංජය ද සිල්වාට උඩපන්දුවක් ලැබිණ.
කිසිදු පැකිළීමකින් තොරවම, 80 වැනි ඕවරය නිමාවේදී දෙවැනි නව පන්දුව ලබාගත් නායක ධනංජය ද සිල්වා එය ප්රභාත් ජයසූරියට බාර කළේය. ඒ ඇසිල්ලේම රමේෂ් සහ කුසල් මෙන්ඩිස් දෙදෙනාගේ විශිෂ්ට සංයෝජනයකින් ඩැරිල් මිචෙල් දුවද්දී දැවී යාමෙන් පසුව නවසීලන්ත පිතිහරඹයේ පසුළෙ එකතැන කඩා වැටිණ.
ලකුණු 304 දී අජාස් පතෙල් දැවී යාමත් සමගින් 9 වැනි කඩුල්ලත් ඇද වැටුණ නමුත් අවසන් පිතිකරුවා වූ විලියම් ඕ’රූක් එක් අන්තයක තනිකළ ග්ලෙන් පිලිප්ස් කල්යල් බලා පන්දුව හතරේ සීමාවට ඉහළින් යැවීය. ලකුණු 340 දී නවසීලන්ත ඉනිම නිමාවන විට නොදැවී ලකුණු 49 ක් ලබා සිටි පිලිප්ස්ගේ පිතිහරඹයට දැවැන්ත හයේ පහර 5 ක් ඇතුළත් වී තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.