Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති ආසියානු කුසලාන මූලික වටයේ තරගයේදී ලකුණු 2 ක තියුණු ජයක් වාර්තා කරමින් ‘බී’ කාණ්ඩයෙන් සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබන දෙවැනි කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකාව සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 292 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්ථානයට ඕවර 37.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 289 ක් පමණි. සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීම සඳහා ඇෆ්ඝනිස්ථානය ඕවර 37.1 ක් නිමා වීමට පෙරාතුව මෙම තරගය ජයගත යුතුව තිබිණ. එහෙත් ලකුණු 3 ක් රැස්කළ යුතුව තිබූ 38 වැනි ඕවරයේ පළමු පන්දුවේදී මුජිබුර් රහමන් දවාගැනීම ධනංජය ද සිල්වා සමත් වීමත් සමග ඇෆ්ඝනිස්ථානයේ බලාපොරොත්තු බිඳවැටිණ.
ලකුණු 121 කට කඩුලු 4 ක් බිඳවැටී තිබූ අවස්ථාවේ ඇෆ්ඝනිස්ථානයට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආ මොහොමඩ් නබී, ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 32 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 65 ක් රැස්කළේය. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් නායක හෂ්මතුල්ලා ශහිදි පන්දු 66 කින් ලකුණු 59 ත් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 50 අවසානයේ කඩුලු 8 දැවී ලකුණු 291 ක් ලබාගත්තේය. එහිදී ලකුණු 227 කට කඩුලු 7 ක් බිඳවැටුණද, පසුපෙළ පිතිකරුවන් වූ දුනිත් වෙල්ලාලගේ (නොදැවී 33) සහ මහීෂ් තීක්ෂණ (28) එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාව ආසන්නයට ගෙන ගියහ.
ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් පැතුම් නිස්සංක (41) සහ දිමුත් කරුණාරත්න (32) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. කෙසේ වුවත් මුලු ලකුණු සංඛ්‍යාව 83 ක් වන විට ඔවුන් දෙදෙනා මෙන්ම සදීර සමරවික්‍රමද පිටියෙන් ඉවත් කළ ගුල්බදින් නයිබ් ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්වයකට ඇද දැමුවේය.
එතැන් පටන් ශ්‍රී ලංකා කණ්ඩායමේ බර කරට ගත් කුසල් මෙන්ඩිස් (92), පස්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි චරිත් අසලංක (36) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 99 කදී ලකුණු 102 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගුවේය. රෂීඩ් ඛාන්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් දැවී යන විට අසලංකගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ.
පන්දු 84 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 92 ක් ලබා සිටි කුසල් දැවී ගියේ දසුන් ශානක ගැසූ පහරකින් ඇදී ආ පන්දුව රෂීඩ් ඛාන්ගේ අතේ වැදී පන්දු යවන්නාගේ අන්තයේ කඩුල්ල මත පතිත වීම හේතුවෙනි. ඒ වන විට සීමා ඉරෙන් පිටත සිටීම හේතුවෙන් කුසල්ට ශතකය පෙනි පෙනී තිබියදී ක්‍රීඩාගාරය බලා යෑමට සිදුවිය.
ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.නජිබුල්ලා ප.ගුල්බදින් 41
දිමුත් කරුණාරත්න - ඇ.නබී ප.ගුල්බදින් 32
කුසල් මෙන්ඩිස් - දුවද්දී දැවී ගියා 92
සදීර සමරවික්‍රම - ඇ.ගුර්බාස් ප.ගුල්බදින් 3
චරිත් අසලංක - ඇ. සහ ප.රෂීඩ් 36
ධනංජය ද සිල්වා - ප.මුජීබ් 14
දසුන් ශානක - ප.රෂීඩ් 5
දුනිත් වෙල්ලාලගේ - නොදැවී 33
මහීෂ් තීක්ෂණ - ප.ගුල්බදීන් 28
අතිරේක 7
එකතුව ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 291
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
කසුන් රාජිත සහ මතීෂ පතිරණ
කඩුලු වැටීම :
1-63(දිමුත්), 2-80(පැතුම්), 3-86(සදීර), 4-188(චරිත්), 5-221(ධනංජය), 6-226(කුසල්), 7-227(දසුන්), 8-291(මහීෂ්)
පන්දු යැවීම :
ෆසාල්හක් ෆකූරි 7-1-52-0, මුජිබුර් රහමන් 10-0-60-1, ගුල්බදින් නයිබ් 10-0-60-4, මොහොමඩ් නබී 10-0-35-0, රෂීඩ් ඛාන් 10-0-63-2, කරීම් ජනට් 3-0-20-0
ඇෆ්ඝනිස්ථානය
රහ්මනුල්ලා ගුර්බාස් - ඇ.මෙන්ඩිස් ප.රාජිත 4
ඊබ්‍රහීම් සද්රාන් - ප.රාජිත 7
ගුල්බදින් නයිබ් - ක.මු. කළා ප.පතිරණ 22
රාමට් ෂා - ඇ.පතිරණ ප.රාජිත 45
හෂ්මතුල්ලා ශහිදි - ඇ.රාජිත ප.වෙල්ලාලගේ 59
මොහොමඩ් නබී - ඇ.ධනංජය ප.තීක්ෂණ 65
කරීම් ජනට් - ඇ.දිමුත් ප.වෙල්ලාලගේ 22
නජිබුල්ලා සද්රාන් - ඇ.දුෂාන් ප.රාජිත 23
රෂීඩ් ඛාන් - නොදැවී 27
මුජිබුර් රහමන් - ඇ.සදීර ප.ධනංජය 0
ෆසාල්හක් ෆකූරි - ක.මු. කළා ප. ධනංජය 0
අතිරේක 15
එකතුව ඕවර 37.4 කදී සියලු දෙනා දැවී 289
කඩුලු වැටීම :
1-10(ගුර්බාස්), 2-27(ඊබ්‍රහීම්), 3-50(ගුල්බදින්), 4-121(රාමට්), 5-201(නබී), 6-234(කරීම්), 7-237(හෂ්මතුල්ලා), 8-276(නජිබුල්ලා), 9-289(මුජිබුර්), 10-289(ෆසාල්හක්)
පන්දු යැවීම :
කසුන් රාජිත 10-0-79-4, මහීෂ් තීක්ෂණ 10-0-62-1, දුනිත් වෙල්ලාලගේ 4-0-36-2, මතීෂ පතිරණ 10-0-63-1, දසුන් ශානක 2-0-32-0, ධනංජය ද සිල්වා 1.4-0-12-2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.