Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

editorial - 2023 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම නවසීලන්තය බලා පිටත්ව ගියේය. සති 5 ක පමණ කාලයක් පැවැත්වෙන මෙම තරගාවලියට ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් ඇතුළත් වේ.
 

තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මාර්තු මස 09 වැනිදා, ක්‍රයිස්ට්චර්ච් නුවරද ආරම්භ වෙයි. ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරගයකට සහභාගි වීමට නියමිතය.

සංචාරය සඳහා පිටත්ව යාමට පෙර, ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී ඊයේ රාත්‍රියේ පැවැති ආගමික වතාවත් පැවැත්වීමේ අවස්ථා කිහිපයකටම සහභාගි විය. මෙම ආගමික වතාවත් පැවැත්වීම සඳහා බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ කතෝලික පූජකවරු පැමිණ සිටියහ.

ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.