Last Update  :  2025-04-21 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් 6 දා කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් 6 දා කෝප් කමිටුව හමුවට

editorial - 2021 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(අවන්ත බාලසූරිය)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  අප්‍රෙල් 06 වැනිදා නැවත වරක් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

මීට පෙර, පසුගිය පෙබරවාරි 11 වැනිදා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණිම හේතුවෙන් රැස්වීම අතරමගදී අත්හිටුවනු ලැබිණ. නැවතත් කෝප් කමිටුව හමුවට පැමිණිමට මාසයක කාලයක් ලබා දෙන බව එදින ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට දන්වන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව මාර්තු මාසයේදීත් අප්‍රේල් මාසයේදීත් රාජ්‍ය ආයතන හතක නිලධාරීන් කමිටුව හමුවට කැඳවා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රාජ්‍ය ආයතනයක් නොවුණද එය ක්‍රීඩා පනත මගින් පාලනය වන ආයතනයකි.

තවත් ස්වාධීන ආයතනයක් නමුත් ක්‍රීඩා පනත මගින් පාලනය වන  බැවින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අප්‍රේල් 20 වැනිදා කෝප් කමිටුව හමුවට කැ‍ඳවා තිබේ.


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් 6 දා කෝප් කමිටුව හමුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.