Last Update  :  2024-11-23 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕමානය පරදවති
හොං කොං සික්සර්ස්

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕමානය පරදවති

editorial - 2024 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොං කොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අද (1 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 81 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, ඕවර 4.1 ක් අවසානයේ ඉලක්කය සපුරාගත්හ. 

එහිදී නායක ළහිරු මධුෂංක පන්දු 5 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 15 ක්ද, ළහිරු සමරකොන් පන්දු 6 කදී හයේ පහර 3 සමග නොදැවී ලකුණු 20 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. 

ආරම්භක පිතිකරුවන් වූ සඳුන් වීරක්කොඩි පන්දු 7 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 28 ක්ද, තනුක දාබරේ පන්දු 7 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 18 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම ඕවර 6 තුළදී කඩුලු 2 ක් දැවී ලකුණු 80 ක් රැස්කළේය. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක විනායක් ශුක්ලා පන්දු 18 කදී ලකුණු 50 ක් රැස්කරමින් පිටියෙන් ඉවත්ව ගියේ සිය ඉනිම හයේ පහර 6 කින් සහ හතරේ පහර 2 කින් සරසමිනි. 

ඕමාන ඉනිමේ පළමු ඕවරය ලකුණු 6 කට සීමා කරමින් කඩුල්ලක් දවාගත් ධනංජය ලක්ෂාන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය. නායක ළහිරු මධුෂංක කඩුල්ලක් දවාගත්තේ ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 16 ක් ලබා දෙමිනි. 


ඕමානය - ඕවර 6 කදී කඩුලු 2 කට 80 
(විනායක් ශුක්ලා 50, අසීෆ් ඛාන් නොදැවී 18, ධනංජය ලක්ෂාන් 06/1, ළහිරු මධුෂංක 16/1)
 
ශ්‍රී ලංකාව - ඕවර 4.1 කදී කඩුලු 2 කට 82 
(සඳුන් වීරක්කොඩි 28, තනුක දාබරේ 18, ළහිරු මධුෂංක නොදැවී 15, ළහිරු සමරකෝන් නොදැවී 20, ජිතේන් රාමනන්ඩි 10/1, සික්‍රියා ඉස්ලාම් 17/1) 

-036 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕමානය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.