Last Update  :  2024-11-06 12:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ශූරතාව දිනති
හොං කොං සික්සස්

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ශූරතාව දිනති

editorial - 2024 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොං කොං නුවරදී පැවැති 2024 අන්තර්ජාතික සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී පාකිස්තානය කඩුලු 3 කින් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එහි ශූරතාව දිනාගත්හ. ශ්‍රී ලංකා කණ්ඩායම හොං කොං සය සාමාජික අන්තර්ජාතික තරගාවලියේ ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථව මෙයයි. 

මීට පෙර 2007 දීත් ශ්‍රී ලංකාව එහි ශූරතාව දිනාගෙන තිබිණ. 

හොං කොං වේලාවෙන් අද (03 වැනිදා) පස්වරු 4.45 ට ආරම්භ වූ තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු කණඩායම ඕවර 5.2 කදී ලකුණු 72 ට දැවී ගියේය. ශ්‍රී ලංකා පිතිකරුවෝ ඕවර 5 ක් නිමාවේදී කඩුලු 3 ක් දැවී ලකුණු 76 ක් ලබාගත්හ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් පාකිස්තානුවන්ට පළමු ඕවරය පාරා වලල්ලක් විය. ධනංජය ලක්ෂාන් විසින් යවන ලද එම ඕවරයේදී පාකිස්තානු පිතිකරුවන් දෙදෙනකු දැවී ගිය අතර ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 7 කි. ළහිරු සමරකෝන් යැවූ දෙවැනි ඕවරයෙන් පාකිස්තානුවන් ලකුණු 27 ක් ලබාගත් නමුත් තරිඳු රත්නායකගේ ඊළඟ ඕවරයේදී තවත් කඩුලු දෙකක් බිඳ වැටිණ. 

ඕවර 4 ක් නිමාවේදී කඩුලු 5ක්ම බිඳ වැටුණු බැවින් මොහොමඩ් අඛාල්ක් එක් අන්තයක තනිවී පන්දුවට පහර දුන්නේය. එහෙත් ඒ පන්දු 8 කට පමණි. මුලු ලකුණු සංඛ්‍යාව 72 ක් ව තිබියදී මොහොමඩ් අඛාල්ක් ද දැවී ගියේය. 

ශ්‍රී ලංකා පිලේ ඉලක්කය පහසු වූවත් පළමු ඕවරයේදී ලැබුණේ ලකුණු 05 කි. එහෙත් දෙවැනි ඕවරයේදී හයේ පහර 3 ක් ද සමගින් ලකුණු 24 ක් ලබාගත් සඳුන් වීරක්කොඩි, පන්දු 13 කින් ලකුණු 34 ක් ලබා දැවී ගියේය. ලකුණු සංඛ්‍යාව 59 ක් ව තිබියදී ශ්‍රී ලංකා පිලේ 3 වැනි කඩුල්ලත් බිඳ වැටුණ නමුත් පන්දු 4 කින් ලකුණු 16 ක් ලබාගත් තරිඳු රත්නායක ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය. 

පළමු ඕවරයේදීම කඩුලු 2 ක් දවාගත් ධනංජය ලක්ෂාන් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේය. තරගාවලියේ කඩුලු 8 ක් දවාගත් තරිඳු රත්නායක තරගාවලියේ වීරයා වශයෙන් සම්මාන දිනාගත්තේය. 

වසර 1992 දී ආරම්භ වූ මෙම තරගාවලිය 2017 න් පසුව නතර වී තිබිණ. 1993 සහ 2004 යන වසර වලදී ශ්‍රී ලංකාවට අනුශූරතා හිමිවිය. 


 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.