Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර බෙල්ෆාස්ට් නුවරදී අද (20 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුහ. මෙම තරගය ජයගත්තද, පළමු සහ දෙවැනි තරග පරාජය වීම හේතුවෙන් අයර්ලන්තය හමුවේ තරග 2-1 ක් ලෙස එක්දින තරගාවලිය පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 123 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 23.1 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්තේය. එහිදී පන්දු 56 කට මුහුණදුන් හර්ෂිතා සමරවික්‍රම හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 48 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළාය.
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 32 ක් එක්වෙද්දී විෂ්මි ගුණරත්න ලකුණු 9 කට දැවීගිය අතර එතැන් පටන් චමරි අතපත්තු (48) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 69 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට හර්ෂිතා සමත් වූවාය. පන්දු 49 කදී වාර්තා වූ චමරිගේ ඉනිම හතරේ පහර 10 කින් සමන්විත විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කාන්තා කණ්ඩායම ඕවර 46.3 ක් අවසානයේ ලකුණු 122 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ නායිකා චමරි අතපත්තු ලකුණු 15 කට කඩුලු 3 ක්ද, අචිනි කුලසූරිය ලකුණු 35 කටය කඩුලු 3 ක්ද බිඳහෙළමින් අයර්ලන්ත පිතිකාරිණියන් පීඩනයට පත්කළහ.
ඒ සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් සචිනි නිසංසලා ලකුණු 35 කට කඩුලු 2 ක් දවාගත්තාය. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ඉනෝෂි ප්‍රියදර්ෂනී නිලකුණු ඕවර 5 ක් සමග ඕවර 10 ක් යවමින් ලකුණු 7 කට කඩුල්ලක් දවාගත්තාය.
ඇගේ ක්‍රීඩා දිවිය තුළ ඕවර 10 ක් යවමින් ඇය ප්‍රතිවාදී කණ්ඩායමකට ලබාදුන් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස එය සටහන් විය.
මුලු ලකුණු සංඛ්‍යාව 13 ක් වන විට අයර්ලන්ත ඉනිමේ පළමු පිතිකාරිණියන් සිවුදෙනාම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ. එහෙත් බිඳවැටී තිබූ අයර්ලන්ත ඉනිමට මුක්කු ගැසූ රෙබෙකා ස්ටෝකල් හතරේ පහර 6 ක් සමග ලකුණු 35 ක් රැස්කළාය.
ලියා පෝල් හතරේ පහරක් සමග ලකුණු 19 ක්ද, ඇලිස් ටෙක්ටර් හතරේ පහරක් සමග 17 ක්ද, ෆ්‍රෙයා සර්ජන්ට් හතරේ පහරක් සමග ලකුණු 16 ක්ද රැස්කරමින් අයර්ලන්ත කාන්තා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 100 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ.
අයර්ලන්ත කාන්තා පිල - ඕවර 46.3 කදී සියලු දෙනා දැවී 122
(ලියා පෝල් 19, රෙබෙකා ස්ටෝකල් 35, ඇලිස් ටෙක්ටර් 17, ෆ්‍රෙයා සර්ජන්ට් 16, චමරි අතපත්තු 15/3, අචිනි කුලසූරිය 35/3, සචිනි නිසංසලා 35/2)
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 23.1 කදී කඩුලු 2 ක් දැවී 123
(චමරි අතපත්තු 48, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 48)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.