Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චමරි අතපත්තුගේ අර්ධ ශතකයත් ඉනෝකා රණවීරගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ කාන්තා (වි-20) ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගයේදීම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විසින් දකුණු අප්‍රිකානු කාන්තා පිලට එරෙහිව ලකුණු තුනක විශිෂ්ට ජයක් අත්කර ගන්නා ලදි. සිකුරාදා රාත්‍රියේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 130 ක් හඹා ගිය සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ ඕවර 20 කදී ලකුණු 126 කට දැවී ගියහ.
ශ්‍රී ලංකාවේ වමත් දඟපන්දු යවන්නියන් වූ දෙදෙනා වූ ඉනෝකා රණවීර (18/3) සහ සුගන්ධිකා කුමාරිත් (28/2) දකුණතින් මඳ වේග පන්දු යවන ඕෂධී රණසිංහත් (20/2) එක්ව දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 126 කට සීමා කළහ.
දකුණු අප්‍රිකානුවන්ගේ ජයග්‍රහණය සඳහා අවසන් ඕවර 4 න් ලකුණු 42 ක් අවශ්‍යව තිබිණ. එතැන් සිට යැවුණු ඕවර තුනේදී ලකුණු 9 ක්, 13 ක් සහ 7 ක් ලෙසින් ලකුණු ලබාගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ අවසන් ඕවරයේදී තමන්ගේ ඉලක්කය ලකුණු 13 ක් දක්වා අඩුකර ගත්හ. අවසන් ඕවරය යැවූ සුගන්ධිකා කුමාරිගේ අවසන් පන්දුව හතරේ සීමාවට ගියද, එම ඕවරය ලකුණු 9 කට සීමාකරගැනීම නිසා ශ්‍රී ලංකා ක්රීිඩිකාවෝ ලකුණු 3 ක තියුණු ජයක් අත්කරගත්හ.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් වරට අන්තර්ජාතික තරගයකට මුහුණ දුන්නේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය. එහිදී ඔව්හු ඉන්දියානුවන් හමුවේ ආසියානු කුසලාන අවසන් මහ තරගය පරාජය විය.
ශ්‍රී ලංකා කාන්තවන් වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ ඉනෝකා, පසුගිය මාසයේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් වසර 2022 අයි.සී.සී. වි-20 කණ්ඩායමටද නම්කරන ලද ක්‍රීඩිකාවකි.
කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායිකා සුනේ ලූස් පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් නමුත් චමරි අතපත්තු (68) සහ විශ්මි ගුණරත්න (35) දෙදෙනා දකුණු අප්‍රිකානු පන්දු යවන්නියන්ට රිසි සේ පහර දුන්හ. විශ්මි ගුණරත්න හතරේ පහර 4 ක් සමගින් පන්දු 34 කදී ලකුණු 35 ක් ලබාගත්තාය. නායිකා චමරි අතපත්තු පන්දු 50 කින් ලකුණු 68 ක් රැස්කරගත්තේ එයින් ලකුණු 48 ක් ම හතරේ පහර වලින් ලබාගනිමිනි.
අතපත්තුගේ සහායක ආරම්භක පිතිකාරිනි හර්ෂිතා මාධවී ලකුණු 08 කට දැවී ගියද තවමත් පාසල් ක්‍රීඩිකාවක වන විශ්මි ගුණරත්න සමගින් එක්වූ නායිකාව, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 86 එක් කළාය. ගුණරත්න මෙන්ම අතපත්තුත් පිට පිටම පන්දු දෙකකදී දැවී යාම නිසා ඔවුන්ට වඩාත් හොඳ ලකුණු සංඛ්‍යාවක් කරා යාමට නොහැකි විය. එහෙත් ඉනෝකා රණවීර සහ සුගන්ධිකා කුමාරි දෙදෙනාගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කාන්තාවන්ගේ ලකුණු සංඛ්‍යාව ප්‍රමාණවත් විය.
ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 4 ට 129 යි
(චමරි අතපත්තු 68, විශ්මි ගුණරත්න 35, මරිසාන් කප් 15/1, ෂබ්නිම් ඉස්මයිල් 22/1, නදීන් ද ක්ලර්ක් 38/1)
දකුණු අප්‍රිකානු කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 9 ට 126 යි
(ලෝරා වොල්වාඩ් 18, සුනේ ලූස් 28, ඉනෝකා රණවීර 18/3, ඕෂදී රණසිංහ 20/2, සුගන්ධිකා කුමාරි 28/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.