Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක

editorial - 2023 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

සිව්දින යොවුන් ටෙස්ට් තරගයකට සහ යොවුන් එක්දින තරග 5 කට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම මේ මස 12 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යයි. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය, නැවත වරක් කොළඹ රාජකීය විද්‍යාලයේ ඉදිරිපෙළ පිතිකරුවකු වන සිනෙත් ජයවර්ධනට හිමිවී තිබේ. 

බටහිර ඉන්දීය කොදෙව් යොවුන් පිලට එරෙහිව පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැති යොවුන් ටෙස්ට් තරගාවලියේදී සහ එක්දින තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ සිනෙත් ජයවර්ධනයි. මෙම තරගාවලි දෙකම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජයගත්තේය. 

මේ මස 15 වැනිදා සිට 18 වැනිදා දක්වා යොවුන් ටෙස්ට් තරගය පැවැත්වේ. 

යොවුන් එක්දින තරග මේ මස 22, 24, 27, 29 සහ 31 දිනවලදී පැවැත්වෙයි. සියලුම තරග කරච්චියේ ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. 


ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම 
සිනෙත් ජයවර්ධන (නායක), පුළිඳු පෙරේරා, විශේන් හැළඹගේ, රවිශාන් නෙත්සර, ශාරුජන් ශන්මුගනාදන්, දිනුර කළුපහන, මල්ෂ තරුපති, විහස් තෙව්මික, විශ්ව ළහිරු, ගරුක සංකේත්, රුවිශාන් පෙරේරා, කවීෂ පියුමාල්, හිරාන් ජයසුන්දර, ගීතික ද සිල්වා, රූෂඳ ගමගේ සහ මනුල කුලරත්න

අතිරේක ක්‍රීඩකයෝ 
සුපුන් වඩුගේ, දිනුර අබේවික්‍රමසිංහ, ජනිත් ප්‍රනාන්දු, දිනුක තෙන්නකෝන්, රනුක මලවිආරච්චි සහ විශ්ව රාජපක්‍ෂ


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.