Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ දෙවැනි ජය ලබති

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ දෙවැනි ජය ලබති

editorial - 2025 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

සංචාරක බංග්ලාදේශ වයස 19 න් පහළ කාන්තා කණ්ඩායමට එරෙහිව කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 65 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්ත කණ්ඩායම සමත් විය. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් ලැබූ දෙවැනි ජය මෙය විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 126 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ යොවුන් කාන්තා කණ්ඩායමට ඕවර 12.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 60 ක් පමණි. චමෝදි මුණසිංහ සහ අසේනි තලගුනේ කඩුලු 3 බැගින් දවාගනිමින් බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 125 ක් ලබාගත්තේය. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ මනුදි නානායක්කාර පන්දු 45 කින් ලකුණු 50 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි. 

දැහැමි සෙනෙත්මා (25) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 67 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මනුදි සමත් වූවාය. දැහැමිගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි රෂ්මිකා සෙව්වන්දි පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 27 ක් රැස්කළාය. 


ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 125 
(දැහැමි සෙනෙත්මා 25, මනුදි නානායක්කාර 50, රෂ්මිකා සෙව්වන්දි නොදැවී 27, සුමුදු නිසංසලා නොදැවී 13, නිෂිතා අක්තර් 07/2) 

බංග්ලාදේශ යොවුන් කාන්තා පිල - ඕවර 12.2 කදී සියලු දෙනා දැවී 60 
(සාදියා අක්තර් 18, චමෝදි මුණසිංහ 13/3, අසේනි තලගුනේ 14/3, ලිමිණි තිලකරත්න 14/2) 

-036 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ දෙවැනි ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.