Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
“රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්” තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඞ්ස් පිල සහ ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් පිල අතර මුම්බායිහිදී අද (8 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට ලකුණු 7ක ජයක් හිමිවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 162 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් පිලට ඕවර 19.5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 154 ක් පමණි.
හුදකලා පිතිහරඹයක නිරතවූ නේතන් රියර්ඩන් පන්දු 53 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 96 ක් රැස්කළද අවසන් මොහොතේ ඔහුගේ දැවීයාමත් සමගින් ඕස්ටේ්‍රලියානු ලෙජන්ඞ්ස් පිලට පරාජය හිමිවිය.
ලකුණු 31 කට කඩුලු 6 ක් දැවී තිබියදී ජේසන් ක්‍රෙජ්සා සමගින් 7 වැනි කඩුල්ල සඳහා පන්දු 25 කදී ලකුණු 28 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ නේතන් රියර්ඩන් 8 වැනි කඩුල්ල සඳහා ක්ලින්ට් මැකේ සමගින්ද පන්දු 21 කදී ලකුණු 38 සම්බන්ධතාවයක් ගොඩනැගීය. ඉන් නොනැවතුණු නේතන් රියර්ඩන් 9 වැනි කඩුල්ල සඳහා සේවියර් ඩොහර්ටි සමගින් එක්ව පන්දු 31 කදී ලකුණු 87 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.
තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 35 කට කඩුලු 3 ක් ද, රංගන හේරත් සහ ෆර්වීස් මහරූෆ් කඩුලු 2 බැගින්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ලෙජන්ඞ්ස් ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 161 ක් රැස්කිරීමට සමත්විය.
රොමේෂ් කළුවිතාරණ පන්දු 26 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 30 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ලෙජන්ඞ්ස් වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය. චාමර කපුගෙදර පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 28 ක් සහ ෆර්වීස් මහරූෆ් පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 20 ක් රැස්කිරීමට සමත්වූහ.
බ්‍රැඞ් හොජ්, සේවියර් ඩොහර්ටි සහ ජේසන් ක්‍රෙජ්සා කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 161
(තිලකරත්න ඩිල්ෂාන් 18, රොමේෂ් කළුවිතාරණ 30, මාවන් අතපත්තු 14, චාමර කපුගෙදර 28, සචිත්‍ර සේනානායක 13, අජන්ත මෙන්ඩිස් 17, ෆර්වීස් මහරූෆ් නොදැවී 20, බ්‍රැඩ් හොජ් 18/2, සේවියර් ඩොහර්ටි 28/2, ජේසන් ක්‍රෙජ්සා 37/2, මාක්ස් ක්‍රොස්ග්‍රොව් 13/1, ක්ලින්ට් මැකේ 30/1)
ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් - ඕවර 19.5 කදී සියලුදෙනා දැවී 154
(බ්‍රැඩ් හැඩින් 10, නේතන් රියර්ඩන් 96, සේවියර් ඩොහර්ටි 15, තිලකරත්න ඩිල්ෂාන් 35/3, රංගන හේරත් 05/2, ෆර්වීස් මහරූෆ් 28/2, චමින්ද වාස් 23/1, සචිත්‍ර සේනානායක 34/1)
...
Chamara Tuesday, 10 March 2020 01:05 PM
මෙයාලා ඇත්තටම ලෙජන්ඩ්ස්ලද? මෙයාලා ක්‍රීඩා කරනවා බලන්නත් ආසයි.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.