Last Update  :  2025-04-26 21:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ‘ඒ’ පිල අපරාජිතව අවසන් සටනට

ශ්‍රී ලංකා ‘ඒ’ පිල අපරාජිතව අවසන් සටනට

editorial - 2025 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා, ඇෆ්ඝනිස්ථාන සහ අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන තුන් කොන් එක්දින තරගාවලියේ මූලික වටය යටතේ ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ඊයේ (23 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ අපරාජිත බව රැකගෙනම අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 229 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ ඕවර 39 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. එහිදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග පන්දු 41 කින් නොදැවී ලකුණු 46 ක් රැස්කළ පවන් රත්නායක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

ආරම්භක පිතිකරු කමිල් මිෂාර පන්දු 72 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 81 ක්ද, නායක නුවනිඳු ප්‍රනාන්දු පන්දු 54 කදී හතරේ පහර 8 ක් සමග ලකුණු 51 ක්ද රැස්කරමින් ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ. ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 92 කදී ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 110 කි.
 
පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ කණ්ඩායමට තරිඳු රත්නායක ප්‍රමුඛ ශ්‍රී ලංකා ‘ඒ’ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 50 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 228 ක් පමණි. එහිදී තරිඳු ලකුණු 45 කට කඩුලු 4 ක් දවාගත්  අතර වනුජ සහන් සහ මිලාන් රත්නායක කඩුලු 2 බැගින් බිඳහෙළමින් තරිඳුට අනගි සහායක් දුන්හ. 

ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක දර්විෂ් රසූලි පන්දු 77 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 76 ක් රැස්කළ අතර ඉක්‍රම් අලිඛිල් පන්දු 54 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 36 ක් රැස්කළේය. අවසන් ඕවර කිහිපයේදී පන්දු 24 කට මුහුණදුන් කයිස් අහමඩ් නොදැවී ලකුණු 36 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගිනි. 


ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ පිල - ඕවර 50 කදී කඩුලු 8 කට 228 
(සුබේඩ් අක්බාරි 19, සෙදිකුල්ලා අතාල් 18, දර්විෂ් රසූලි 76, ඉක්‍රම් අලිඛිල් 36, ශරෆුඩීන් අෂ්රෆ් 19, කයිස් අහමඩ් නොදැවී 36, තරිඳු රත්නායක 45/4, වනුජ සහන් 33/2, මිලාන් රත්නායක 44/2)

ශ්‍රී ලංකා ‘ඒ’ පිල - ඕවර 39 කදී කඩුලු 6 කට 232 
(කමිල් මිෂාර 81, නුවනිඳු ප්‍රනාන්දු 51, පසිඳු සූරියබණ්ඩාර 20, පවන් රත්නායක නොදැවී 46, කයිස් අහමඩ් 40/3, නවීන් සද්‍රාන් 52/2)   


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පිල අපරාජිතව අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.