Last Update  :  2024-12-22 20:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්තුවරයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

ශාන්තුවරයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

editorial - 2021 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශාන්ත ජෝෂප් නායක ශෙරාන් ෆොන්සේකා සහ ශාන්ත පීතර නායක නිපුනක ෆොන්සේකා මොරිස් ජේ. ලේගෝ පියතුමන් අනුස්මරණ කුසලාන සමග.. ඩයලොග් පුද්ගලික සමාගමේ උප සභාපති මුනේෂ් ඬේවිඞ් මහතාද ඡායාරූපයේ සිටී...

(ශානුක අරවින්ද)

මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර කොළඹ එස්.එස්.සී කී‍්‍රඩාංගණයේදී පැවැති 87 වැනි ‘ශාන්තුවරයන්ගේ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය.

ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 123 ක් රැස්කිරීමේ අභියෝගකට මුහුණදී සිටි ශාන්ත පීතරයෝ දෙවැනි දිනයේදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 82 ක් ලබා සිටියහ.

ඒ වන විට ළහිරු දෙවැටගේ ලකුණු 50 ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ජෝෂප් විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 7 ක් දැවී ලකුණු 261 ලබාගත්තේය. එහිදී නායක ෂෙරාන් ෆොන්සේකා (52), යෙසිත් රූපසිංහ (57) සහ හිරාන් ජයසුන්දර (නොදැවී 53) අර්ධ ශතක ලබාගනිමින් ජෝෂප් ඉනිම සවිමත් කළහ.

ඊට පිළිතුරු වශයෙන් සිය පළමු ඉනිම ඇරඹු ශාන්ත පීතර විදුහලට ෂෙනුක ද සිල්වා සහ ළහිරු අමරසේකර ප‍්‍රමුඛ ශාන්ත ජෝෂප් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 138 ක් පමණි.

එහිදී ෂෙනුක සහ ළහිරු කඩුලූ 3 බැගින් දවාගනිමින් පීතර පළමු ඉනිම අඩ පණ කළ අතර පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු ෂෙනාල් බොතේජු ලකුණු 62 ක් රැස්කළේය.


ශාන්ත ජෝෂප් පළමු ඉනිම - කඩුලූ 7 ක් දැවී 261
(ශෙරාන් ෆොන්සේකා 52, යෙසිත් රූපසිංහ 57, හිරාන් ජයසුන්දර නොදැවී 53, මිතිර තේනුර 22, ෂෙනුක ද සිල්වා 21, දේෂාන් සේනවිරත්න නොදැවී 14, නිමාන් උමේෂ් 56/3, ලෂේන් රොද්‍රිගූ 48/2)

ශාන්ත පීතර පළමු ඉනිම - සියලූ දෙනා දැවී 138
(ෂෙනාල් බොතේජු 62, නිමුතු ගුණවර්ධන 15, නිපුනක ෆොන්සේකා 19, ෂෙනුක ද සිල්වා 25/3, ළහිරු අමරසේකර 40/3)

ශාන්ත පීතර දෙවැනි ඉනිම - කඩුලූ 2 ක් දැවී 82
(ෂෙනාල් බොතේජු 23, ළහිරු දෙවැටගේ නොදැවී 50)

 


අදහස් (0)

ශාන්තුවරයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.