Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත අන්තෝනි විදුහල අවසන් පූර්ව වටයට

ශාන්ත අන්තෝනි විදුහල අවසන් පූර්ව වටයට

Nisanka Sandeepani - 2019 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය. ඒ කටුගස්තොටදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයකදී පානදුර ශාන්ත ජෝන් කණ්ඩායමට එරෙහිව ඉනිමක සහ ලකුණු 112 ක දැවැන්ත ජයක් ලබමිනි. 

ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 189 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් ශාන්ත ජෝන කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 77 ක් පමණි. 

තරගය පුරා ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ කල්හාර සේනාරත්න ලකුණු 60 කට කඩුලු 7 ක්ද, නිම්නක ජයතිලක 39 කට කඩුලු 6 ක්ද දවාගැනීමට සමත් වූහ. 

ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම - ඕවර 41.4 කදී සියලු දෙනා දැවී 86 
(කල්හාර සේනාරත්න 31/5, නිම්නක ජයතිලක 11/2, චමිඳු වික්‍රමසිංහ 13/2) 

ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 91.5  කදී සියලු දෙනා දැවී 275 
(අසිත වන්නිනායක 57, තීක්ෂ ගුණසිංහ 45, චන්දු වික්‍රමසිංහ 32, එම්. කාමිල් 31, සසිත් හිරුදික නොදැවී 29, කල්හාර සේනාරත්න 21, තනිඳු නිවර්තන 93/6, සසිත් මනුප්‍රිය 68/3) 

ශාන්ත ජෝන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 26.5  කදී සියලු දෙනා දැවී 77 
(සමිඳු නිවර්ථන නොදැවී 35, නිම්නක ජයතිලක 28/4, කල්හාර සේනාරත්න 29/2, අසිත වන්නිනායක 06/2) 

-036 


අදහස් (0)

ශාන්ත අන්තෝනි විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.