Last Update  :  2024-12-22 20:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ජෝෂප් I කොටසේ ශූරතාව දිනයි

ශාන්ත ජෝෂප් I කොටසේ ශූරතාව දිනයි

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලක්ෂාන් ගමගේගේ (97) විශිෂ්ට පිතිහරඹයත් අශේන් ඩැනියල්ගේ (14/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ ‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ශූරතාව හිමිකර ගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විදුහල අද (19 වැනිදා) සමත් විය. බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල ලකුණු 77 කින් පරාජය කිරීමට කොළඹ ශාන්ත ජෝසප් විදුහල සමත්විය.

කාසියේ වාසිය දිනාගත් කොළඹ ශාන්ත ජෝසප් විදුහල ඕවර 47.1 කදී සියලුදෙනා දැවී ලකුණු 235 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු 131 කට කඩුලු 8 ක් දැවී ඉතා අන්ත අසරණවී සිටි ශාන්ත ජෝසප් විදුහල් ඉනිම නැවත ගොඩනගමින් 9 වැනි කඩුල්ල සඳහා පන්දු 80 කදී ලකුණු 88 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ලක්ෂාන් ගමගේ සහ ෂෙරාන් ෆොන්සේකා සමත්වූහ. වේගවත් පිතිහරඹයක නිරතවූ ලක්ෂාන් ගමගේ පන්දු 66 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 97 ක් රැස්කිරීමට සමත්විය. අනෙක් අන්තයේ කඩුල්ල ආරක්‍ෂා කරගනිමින් ලක්ෂාන් ගමගේට අනගි සහයක් ලබාදුන් ෂෙරාන් ෆොන්සේකා පන්දු 51 කදී ලකුණු 24 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

ජනිෂ්ක පෙරේරා කඩුලු 4 ක් ද, තඳුල ද සිල්වා කඩුලු 3 ක් සහ නදීර ප්‍රනාන්දු කඩුලු 2 ක් දවාගනිමින් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 236 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත සෙබස්තියන් විදුහලට ඕවර 45.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 158 ක් පමණි.

කඩුලු 4 කට ලකුණු 131 ක් රැස්කරමින් ජයග්‍රහණය කරා පහසුවෙන් යෑමට අවස්ථාව තිබූ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ අවසන් කඩුලු 6 ලකුණු 21 ක් තුළ දවාගැනීමට අශේන් ඩැනියල් සහ දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ පන්දු යවන්නෝ සමත්වූහ. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ අශේන් ඩැනියල් ඕවර 9.1 කදී නිලකුණු ඕවර 3 ක් සමගින් ලකුණු 14 කට කඩුලු 5 ක් දවාගත් අතර දුනිත් වෙල්ලාලගේ ලකුණු 27 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

තරගයේ වීරයාට හිමි සම්මානය කොළඹ ශාන්ත ජෝසප් විදුහලේ ලක්ෂාන් ගමගේට හිමිවිය.


ශා.ජෝසප් විදුහල - ඕවර 47.1 කදී සියලුදෙනා දැවී 235
(ජොහාන් ද සිල්වා 24, දිනෙත් ජයකොඩි 21, ලක්ෂාන් ගමගේ 97, ශෙරාන් ෆොන්සේකා 24, ජනිෂ්ක පෙරේරා 46/4, තදුල ද සිල්වා 44/3, නදීර ප්‍රනාන්දු 46/2)

ශා.සෙබස්තියන් විදුහල - ඕවර 45.1 කදී සියලුදෙනා දැවී 158
(දුනිත් ජයතුංග 68, ජනිෂ්ක පෙරේරා 30, අශේන් ඩැනියල් 14/5, දුනිත් වෙල්ලාලගේ 27/3)

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් I කොටසේ ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.