Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත සෙබස්තියන් විදුහල අවසන් පූර්ව වටයට

ශාන්ත සෙබස්තියන් විදුහල අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය. ඒ මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව කුරුණෑගල මලියදේව විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කරමිනි.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 204 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩකයෝ ඕවර 28.3 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්හ. එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 81 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ශාන්ත සෙබස්තියන් විදුහලේ විනුජ රණසිංහ පළමු ඉනිමේදී ලකුණු 48 කට කඩුලු 6 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 94 කට කඩුලු 4 ක් බැගින් ඉනිම් දෙකේදීම ලකුණු 142 කට කඩුලු 10 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ත්‍රිත්ව විදුහල පළමු ඉනිම - ඕවර 51.4 කදී සියලු දෙනා දැවී 165
(අභිෂේක් ආනන්දකුමාර් 40, ෂේන් ගුණතිලක 38, කවිෂ්ක සේනාධීර 35, අෂාන් ලොකුකැටිය නොදැවී 25, විනුජ රණසිංහ 48/6)

ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම - ඕවර 57.1 කදී සියලු දෙනා දැවී 149
(නුවනිඳු ප්‍රනාන්දු 41, නිසිත අභිලාෂ් 29, තෂික් පෙරේරා 28, කවිෂ්ක සේනාධීර 49/5, රුවින් පීරිස් 20/2, උවිඳු විමලධර්ම 38/2)

ත්‍රිත්ව විදුහල දෙවැනි ඉනිම - ඕවර 53 කදී සියලු දෙනා දැවී 187
(ෂේන් ගුණතිලක 34, චානුක කුමාරසිංහ 46, අෂාන් ලොකුකැටිය 28, රනුද සෝමරත්න 22, නුවනිඳු ප්‍රනාන්දු 40/2, විනුජ රණසිංහ 94/4, කළණ සංදීප 26/3)

ශාන්ත සෙබස්තියන් විදුහල දෙවැනි ඉනිම - ඕවර 28.2 කදී කඩුලු 5 ක් දැවී 204
(නුවනිඳු ප්‍රනාන්දු 81, නිසිත අභිලාෂ් 31, ජනිෂ්ක පෙරේරා නොදැවී 33, රුවින් පීරිස් 65/2)

 


අදහස් (0)

ශාන්ත සෙබස්තියන් විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.