Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.පීතර විද්‍යාලය පෙර අ.අ. පූර්ව වටයට

ශා.පීතර විද්‍යාලය පෙර අ.අ. පූර්ව වටයට

රොෂාන් ගුණරත්න - 2019 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ ශාන්ත පීතර විද්‍යාලය අද (5 වැනිදා) සමත්විය.

ශාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගයකදී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට ශාන්ත පීතර විද්‍යාලය සමත්විය. 

දිනිත් සංජුල (92) සහ සංතුෂ් ගුණතිලක (65) අර්ධ ශතක ලබාගනිමින් ශාන්ත පීතර විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

ධර්මපාල විද්‍යාලය - ඕවර 48 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 202
(අවිශ්ක හසරින්ද 56, චමිඳු සමරසිංහ 48, ටාරික් සබූර් 25/2, කණිෂ්ක මධුවන්ත 34/2, වනුජ සහන් 43/2)

ශාන්ත පීතර විද්‍යාලය - ඕවර 42.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 203
(දිනිත් සංජුල 92, සංතුෂ් ගුණතිලක 65, නිපුනක ෆොන්සේකා නොදැවී 22, රන්මිත් ජයසේන නොදැවී 20)


අදහස් (0)

ශා.පීතර විද්‍යාලය පෙර අ.අ. පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.