Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශිකාර් ධවාන් සමුගනී

ශිකාර් ධවාන් සමුගනී

editorial - 2024 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය පිලේ හිටපු ආරම්භක පිතිකරු ෂිකාර් ධවාන් අද (24 වැනිදා) ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කළේය. ෂිකාර් ධවාන්ගේ අන්තර්ජාතික තරග දිවිය වසර 14 ක් වුවද ඔහු අවසන් වරට ඉන්දියාව නියෝජනය කළේ වසර 2022 දී බංග්ලාදේශ පිලට එරෙහිවය.

“කිසියම් වෙනසක් කරලා ජීවිතේ ඉදිරියට යන්න වෙලාව හරි. ඒ නිසා තමයි මම දේශීය මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම නිවේදනය කළේ” යයි සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ෂිකාර් ධවාන් කියා සිටියේය. 

“මම මටම කියපු දෙයක් තමයි ආයේ ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා නොකිරීම ගැන කණගාටු වෙන්න එපා කියන එක. ඒත් මගේ රට නියෝජනය කරමින් ක්‍රීඩා කරපු එක ගැන මම සතුටු වෙනවා” යයි ධවාන් කීවේය. 

අන්තර්ජාතික ශතක 24 ක හිමිකරුවකු වන ශිකාර් ධවාන් එක්දින තරග විශේෂඥයෙකි. එහෙත් 2013 දී ඕස්ටේ්‍රලියාවට එරෙහිව මොහාලි නුවරදී පැවැති සිය මංගල ටෙස්ට් තරගයේදී ෂිකාර් ධවාන් ලකුණු 187 ක් ලබාගත්තේය. එහිදී පන්දු 85 කින් ශතකය සම්පූර්ණ කළ ධවාන්ගේ ඉනිම කෝඩුකාරයකුගේ වේගවත්ම ටෙස්ට් ශතකය ලෙසින් ද වාර්තා වේ. ටෙස්ට් ශතක 7 ක් සහ අර්ධ ශතක 5 ක හිමිකරුවකු වන ෂිකාර් ධවාන් 2021 ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දීය පිලේ නායකයා ලෙසින් ද කටයුතු කළේය. 

- 213 


අදහස් (0)

ශිකාර් ධවාන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.