Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශී‍්‍ර ලංකාවෙන් හොඳ පිළිතුරකට සූදාණමක්

ශී‍්‍ර ලංකාවෙන් හොඳ පිළිතුරකට සූදාණමක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු පිල ලකුණු 165 කට සීමා කිරීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

අද පස්වරුවේ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් එක කඩුල්ලක් දැවී ලකුණු 57 ක් ලබා සිටියේය. ඒ වන විට කෞෂාල් සිල්වා (නොදැවී 12) සහ කුමාර් සංගක්කාර (නොදැවී 12) පන්දුවට පහර දෙමින් සිටියහ.

දිමුත් කරුණාරත්න පන්දු 43 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 32 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

ශ‍්‍රී ලංකා පිලේ නිත්‍ය වේග පන්දු යවන්නන් වන ශාමින්ද එරංග (25/2), සුරංග ලක්මාල් (45/2) සහ නුවන් ප‍්‍රදීප් (62/3) එකතුව පාකිස්තානු ඉනිමේ පළමු කඩුලූ හත දවා ගැනීම විශේෂ සිද්ධියක් බවට පත් විය.

නුවන් ප‍්‍රදීප් වසරකට පමණ පසු කණ්්ඩායමේ ස්ථානය ලබා ගනිමින් ලකුණු 62 කට කඩුලූ 3 ක් දවා ගනිමින් ඔහුගේ දක්‍ෂතම පන්දු යැවීම වාර්තා කළේය.

රංගන හේරත් එකම  ඕවරයේ සයිඞ් අජ්මාල් සහ රහට් අලී දවා ගනිමින් ලකුණු 151 කට කඩුලූ 9 ක් බවට පත් කළේය.

තේ විවේකයට පන්දුවක් පමණක් තිබියදී නුවන් ප‍්‍රදීප්ගේ පන්දුවකට බිලාවල් භාටි දෙවැනි ස්ලිප්හි පන්දු රකිමින් සිටි දිමුත් කරුණාරත්න වෙත ලබාදුන් පහසු උඩ පන්දුව රැුකගත්තේ නම් පාකිස්තානු ලකුණු සංඛ්‍යාව මීට වඩා අඩු වීමට ඉඩ තිබුණි.

සුරංග ලක්මාල් සිය දෙවැනි කඩුල්ල ලෙස අසාද් ශාෆික් පිටියෙන් ඉවත් කිරීමත් සමග පාකිස්තානය කඩුලූ 6 ක් දැවී ලකුණු 127 ක් බවට පත්විය.

ආරම්භක පිතිකරු කුරාම් මන්ෂූර් (73) අන්තයක් ආරක්‍ෂා කරමින් පන්දුවට පහර දෙමින් සිටියදී සුරංග ලක්මාල් යැවූ පන්දුව පිත්තේ පිට දාරයේ වැදී ප‍්‍රසන්න ජයවර්ධනගේ අත් ආවරණ තුළ රැුදෙනවාත් සමගින් පස්වැනි කඩුල්ල බි`ද වැටීමෙන් පාකිස්තානු පිල අවධානම් තත්ත්වයකට ඇද වැටුණි.

ශාමින්ද එරංග, නායක මිස්බා උල් හක්ගේ ඉනිම ලකුණු 1 කට සීමා කිරීම ශ‍්‍රී ලංකාවට ප‍්‍රසාද දීමනාවක් බදු විය.

ශාමින්ද එරංග හොද දෝලනයක් ලබා ගනිමින් පළමු තරගයේදී ශතකයක් රැුස්කළ යුනිස් ඛාන්ගේ ඉනිම ලකුණු 13 කට සීමා කරමින් ශ‍්‍රී ලංකා පිල පියවර කීපයක් පෙරමුණට ගැනීමට සමත් විය.

නුවන් ප‍්‍රදීප් පන්දුව කඩුල්ල තුළට සහ කඩුල්ලෙන් පිටතට දෝලනය කරමින් පාකිස්තානු පිලේ ප‍්‍රබලත පිතිකරුවකු වන මොහොමඞ් හෆීෂ් ලකුණු 21 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. හෆීෂ් බලාපොරොත්තු නොවූ පදිරි එහිදී නුවන් ප‍්‍රදීප්ගේ පන්දුව කඩුලූ තුළට දෝලනය විය.

මොහොමඞ් හෆීෂ් මුහුණ දුන් පළමු පන්දුවේදී දෙවැනි ස්ලිප් ස්ථානයට ලබාදුන් උඩ පන්දුව රැුක ගැනීමට යෑමෙන් තුවාල ලැබූ මහේල ජයවර්ධන පන්දු රැකීමෙන් ඉවත් විය. මහේලගේ වම් අත් වෙදැගිල්ල සහ සුලැගිල්ල අතර පැලී ඇති අතර එයට මැහුම් තුනක් යොදා තිබේ.

නුවන් ප‍්‍රදීප් යැවූ ඉනිමේ 10 වැනි  ඕවරයේ තෙවැනි පන්දුවේදී අහ්මඞ් ශෙෂාඞ් (03) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට පාකිස්තානු පිලට ආරාධනා කළේය.

පළමු තරගයට ක‍්‍රීඩා කළ සචිත‍්‍ර සේනානායකගේ ස්ථානයට මේ තරගයේදී වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් ප‍්‍රදීප් කැදවා තිබේ.

පළමු තරගයේදී ආබාධයකට ලක්වූ පාකිස්තානු කඩුලූ රකින ක‍්‍රීඩක අද්නන් අක්මාල්ගේ ස්ථානයට මෙහිදී සෆ්රාෂ් අහ්මඞ් ක‍්‍රීඩා කරයි.

දිනයෙ අවසන්  ඕවර කීපයේදී ආලෝක තත්ත්වය අයහපත් වූ නිසා ක‍්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය ද සක‍්‍රිය තිබුණි.

ලකුණු පුවරුව


අදහස් (5)

ශී‍්‍ර ලංකාවෙන් හොඳ පිළිතුරකට සූදාණමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.