Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක නවසීලන්ත ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව මේ මස 17 වැනිදා ආරම්භ වන සිවුදින තරග දෙකින් සහ එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු සිවුදින තරගය වෙනුවෙන් නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක දිනේෂ් චන්දිමාල් පත්කර තිබේ. දිමුත් කරුණාරත්න උප නායකයා ලෙස නම් කර තිබේ.
පළමු සිවුදින තරගය මේ මස 17 වැනිදා සිට 20 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම:
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න (උප නායක), කෞෂාල් සිල්වා, කිත්රුවන් විතානගේ, අෂාන් ප්රියංජන්, උදාර ජයසුන්දර, ඩිල්රුවන් පෙරේරා, මාලින්ද පුෂ්පකුමාර, සචිත්ර සේරසිංහ, නුවන් ප්‍රදීප්, චතුරංග ද සිල්වා, මධුර ලක්මාල්, විමුක්ති පෙරේරා, ඉෂාන් ජයරත්න, ළහිරු ගමගේ
තරග කාලසටහන
සැප්. 17 සිට 20 - පළමු සිවුදින තරගය පල්ලෙකැළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
සැප්. 23 සිට 26 - දෙවැනි සිවුදින තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
සැප්. 29 - පළමු එක්දින තරගය පල්ලෙකැළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
ඔක්. 01 - දෙවැනි එක්දින තරගය පල්ලෙකැළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
ඔක්. 03 - තෙවැනි එක්දින තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.