Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට ලකුණු 53 ක ජයක්

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට ලකුණු 53 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක කෙන්යානු ජාතික ක‍්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග හතකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පෙරවරුවේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 53 ක පහසු ජයක් ලැබූහ.
මෙම ජයග‍්‍රහණයත් සමග ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණියේය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 188 ක ඉලක්කය හඹාගිය කෙන්යානු පිලට  ඕවර 20 අවසානයේ කඩුලූ හයක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 134 ක් පමණි. කෙන්යානු පිලේ වැඩිම ලකුණු ලාභියා වූ ඉර්ෆාම් කරීම් පන්දු 19 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 32 ක් රැස් කළේය.

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ දකුණතින් පා දග පන්දු යවන සීකුගේ ප‍්‍රසන්න ලකුණු 21 කට කඩුලූ දෙකක් දවා ගත්තේය.

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ යොවුන් පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 44 කදී ලකුණු 70 ක් රැස්කිරීමට සමත් විය. ධනුෂ්ක සිය වේගවත් ඉනිම හතරේ පහර 7 කින් සහ හයේ පහර 4 කින් අලංකාර කළේය.

දිනේෂ් චන්දිමාල් (24) සහ ළහිරු තිරිමාන්න (23) වේගවත් ඉනිම ක‍්‍රීඩා කරමින් ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 187 ක් දක්වා යෑමට හොද අඩිතාලමක් දැමූහ.

නිහිමිය ඔඩියම්බො (38/3) සහ නෙල්සන් ඔඩියම්බො (39/3) කෙන්යානු පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කෙන්යානු පිල වෙනුවෙන් පළමු තරගයේදී තුන් ඉරියව් දස්කම් දැක්වූ ස්ටීව් ටිකලෝ මෙම තරගයේදී විවේක ගන්වා තිබුණි.

ලකුණු පුවරුව


අදහස් (0)

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට ලකුණු 53 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.