Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා වන ෂේන් වෝන්ට කොරෝනා වයිරසය වැළදී තිබේ. එංගලන්තයේදී පැවැත්වෙන ‘ද හන්ඩ්‍රඩ්‘ හෙවත් පන්දු 100 තරගාවලියේදී ලන්ඩන් ස්පිරිට්ස් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කරයි.
ෂේන් වෝන් මේ වන විට හුදකලා කර ඇති අතර කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයකුට වයිරසය ආසාදනය වී නැති බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි. එබැවින් සදර්න් බ්‍රේව් පිලට එරෙහිව, ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ඉරිදා ( 01 වැනිදා) පැවැති තරගයේදී ලන්ඩන් ස්පිරිට්ස් පිලට වෝන්ගේ සහාය නොලැබිණ.
පසුගිය සතියේ ට්‍රෙන්ට් රොකට්ස් පිලේ පුහුණකරුවා වන ඇන්ඩි ෆ්ලවර් ටද වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා විය.
- 535
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.