Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සංගක්කාරට තරග මුදලින් 15% ක දඩයක්

සංගක්කාරට තරග මුදලින් 15% ක දඩයක්

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

එංගලන්තයට එරෙහිව මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී ඊයේ (13 වැනිදා) පැවැති එක්දින තරගයේදී කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ විනය සම්බන්ධයෙන් පනවා ඇති නීති සංග‍්‍රහයේ වගන්තියක් උල්ලංඝණය කිරීම හේතුවෙන් ශී‍්‍ර ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ පිතිකරු කුමාර් සංගක්කාරට සිය තරග මුදලින් සියයට 15 ක් දඩ වශයෙන් ගෙවීමට සිදුවී තිබේ.

කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ විනය සම්බන්ධයෙන් පනවා ඇති නීති සංග‍්‍රහයේ 2.1.3 වගන්තිය උල්ලංඝණය කරමින් අන්තර්ජාතික තරගයකදී විනිසුරු තීරණයට හිස නොනැමීම නිසා ඔහුට මෙම දඩ මුදල නියම කරන ලදි.

තරගයේ 34 වැනි  ඕවරයේදී පිතිකරු ප‍්‍රහාරක  ඕවර ලබාගැනීමට කළ ඉල්ලීම විනිසුරුවරයා විසින් එම අවස්ථාවේදී ප‍්‍රතික්ෂේප කරන ලදි. පසුව ඒ සම්බන්ධයෙන් විනිසුරු බෲස් ඔක්සන්ෆර්ඞ් මහතා සමග දිගින් දිගටම කතාබහක නියැළුණු සංගක්කාර, සිය සහායක පිතිකරුවා වූ තිලකරත්න ඩිල්ෂාන් දැවීයාමෙන් පසුවද විනිසුරුවරයාට ඇනුම්පදයක් කීවේය.

තරගයෙන් අනතුරුව සංගක්කාර විසින් තමන්ගේ වරද පිළිගන්නා ලද අතර තරග තීරක ඬේවිඞ් බූන් මහතා විසින් නියම කරන ලද දඬුවමටද යටත් විය.

කෙසේ වෙතත් සංගක්කාරගේ කි‍්‍රකට් දිවිය පුරාම දක්නට ලැබුණු ඔහුගේ යහපත් කල්කි‍්‍රයාව මෙන්ම ශී‍්‍ර ලංකා ඉනිම අවසන් වීමෙන් පසුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් සංගක්කාර විනිසුරුවරයාගෙන් සමාව අයැද සිටීමත් සැලකිල්ලට ගත් තරග තීරකවරයා සිය දඬුවම ලිහිල් කළේය.

මෙවැනි ආකාරයේ වරදක් වෙනුවෙන් තදබල අවවාද කිරීමක් සහ තරග මුදලින් 50% ක් දඩ ලෙස නියම කෙරේ.

 


අදහස් (1)

සංගක්කාරට තරග මුදලින් 15% ක දඩයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.