Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෙස්ට් තරගයකදී ශතකයක් සහ කඩුලු 5 ක් බැගින් ලබාගත් අවස්ථා දෙකක් හෝ ඊට වැඩියෙන් හිමිකරගත් කී‍්‍රඩකයන් අතලොස්සට ඇතුළත් වීමට බංග්ලාදේශ පිලේ තුන් ඉරියව් කී‍්‍රඩක ශකීබ් අල් හසන් ඊයේ (6 වැනිදා) සමත්විය.
මේ දින වල සිම්බාබ්වේ පිල සහ බංග්ලාදේශය අතර බංග්ලාදේශයේ කුල්නාහි ෂෙයික් අබු නසීර් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 137 ක් රැස්කළ සකීබ් අල් හසන් සිම්බාබ්වේ පළමු ඉනිමේදී ලකුණු 80 කට කඩුලූ 5 ක් දවාගනිමින් ඔහු දෙවැනි වරටත් ටෙස්ට් තරගයකදී ශතකයක් සහ කඩුලූ 5 ක් දවාගැනීමේ දුර්ලභ දස්කම කිරීමට සමත් විය.
මින් පෙර 2011 දී ඩකාහිදී පාකිස්තානයට එරෙහිව පැවැති තරගයකදී ලකුණු 144 ක් රැස්කරමින් සහ ලකුණු 83 කට කඩුලූ 6 ක් දවාගනිමින් ඔහු පළමු වරට එම දස්කම කළේය.
එංගලන්තයේ ඉයන් බොතම්, බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ශී‍්‍රමත් ගාෆීල්ඞ් සෝබර්ස්, පාකිස්තානයේ මුෂ්තාක් මෙහොමඞ් සහ දකුණු අපි‍්‍රකාවේ ජැක් කලිස් ටෙස්ට් තරග එකකට වැඩි ගණනකදී ශතකයක් මෙන්ම කඩුලූ 5 ක්ද දවාගත් කී‍්‍රඩකයෝ වෙති. එහිදී ඉයන් බොතම්, පස් වරක් එම දස්කම කර ඇති අතර අනෙක් කී‍්‍රඩකයන් තිදෙනාම දෙවර බැගින් එම දස්කම දක්වා තිබේ.
මේ වන විට අන්තර් ජාතික කි‍්‍රකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව ටෙස්ට් තුන් ඉරියව් කී‍්‍රඩකයන් අතර 3 වැනි ස්ථානයේ පසුවන සකීබ් අල් හසන්, ටෙස්ට් ශතක 2 ක් සහ අර්ධ ශතක 16 ක් රැුස්කරගෙන ඇති අතර කඩුලූ 5 කට වඩා දවාගත් අවස්ථා 12 කටද හිමිකම් කියා තිබේ.
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.