Last Update  :  2025-04-22 18:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සචිත්‍ර සේනානායක රිමාන්ඩ්

සචිත්‍ර සේනානායක රිමාන්ඩ්

editorial - 2023 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

 

ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් චෝදනාවලට වැරදිකරු වූයේ යයි කියන හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (06 වැනිදා) පෙරවරුවේදී අත්අඩංගුවට පත්වී තිබේ. දැනගන්නට ඇති පරිදි, ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අද පෙරවරුවේදී ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකයට බාරවීම සඳහා සචිත්‍ර එහි ගිය අවස්ථාවේදීය.

අත්‍යවශ්‍ය ප්‍රශ්නකිරීම් වලින් පසුව සචිත්‍ර අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර මේ මස 15 වැනිදා දක්වා ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණයෙන් නියෝග කෙරිණ. රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සහ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුපුල් විදානගේ යන මහත්වරුන් විසින් සචිත්‍ර සේනානායක අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාව, මේ මස 15 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තබන ලෙස නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා ඔහු සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය සතු හඬපට තවදුරටත් විමර්ශනය කරන ලෙසද නියෝග කළේය. සචිත්‍ර විසින් සඳහන් කරනු ලබන අනෙක් තැනැත්තා දින 7 ක් ඇතුළත කැඳවා ප්‍රශ්න කරන ලෙසත් අධිකරණය ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයට නියෝග කර තිබේ.

චෝදනාවන්ට වැරදිකරු ලෙසින් ප්‍රකාශයට පත්වීමෙන් පසුව, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත, පසුගිය 14 වැනිදා සචිත්‍රට විදේශගතවීම තහනම් කරන ලදි. ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බැවින්, සචිත්‍රගේ තරග පාවාදීමේ ක්‍රියාවන්ට එරෙහිව චෝදනා ගෙනුකරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකයට උපදෙස් දී තිබේ.

වාර්තා වන පරිදි, වසර 2020 දී පැවැති එල්.පී.එල් තරගාවලිය සමයේදී, ඩුබායි හි සිට, දුරකතන ඇමතුම් ඔස්සේ ක්‍රීඩකයන් දෙදෙනකු හා සම්බන්ධ වෙමින්, ඔවුන් තරග පාවාදීමට සම්බන්ධකරගැනීමට සචිත්‍ර උත්සාහ කර තිබේ. කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම නිමාවට පත්ව නොතිබුණද, ජෛව බුබුලු ඇතුළත ක්‍රීඩකයන් රඳවාගනිමින්, 2020 නොවැම්බර් මස 27 වැනිදා සිට දෙසැම්බර් 17 වැනිදා දක්වා එල්.පී.එල්. තරගාවලිය හම්බන්තොටදී පැවැත්විණ.


අදහස් (0)

සචිත්‍ර සේනානායක රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.