Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සම්මු - චමිඳු - ප්‍රභාත් එස්.එස්.සී පිලට ජය ගෙනෙති
අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය

සම්මු - චමිඳු - ප්‍රභාත් එස්.එස්.සී පිලට ජය ගෙනෙති

editorial - 2022 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

සම්මු අෂාන් (නොදැවී 112), චමිඳු වික්‍රමසිංහ (නොදැවී 83) සහ ක්‍රිෂාන් සංජුලගේ (64) පිතිහරඹයත්, ප්‍රභාත් ජයසූරියගේ (17/7) දක්ෂ පන්දු යැවීමත් හමුවේ කළුතර නාගරික පිලට එරෙහිව එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ තරගයකදී ලකුණු 229 ක ජයක් හිමිකර ගැනීමට එස්.එස්.සී පිල සමත්විය.

පන්දු 106 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 112 ක් ලබා ගත් සම්මු අෂාන් ඉනිමක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත්විය. මංගල අන්තර් සමාජ එක්දින තරගයට එක්වූ චමිඳු වික්‍රමසිංහ ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 55 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 83 ක් ලබාගත්තේය. ක්‍රිෂාන් සංජුල පන්දු 83 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 64 ක් ලබාගනිමින් එස්.එස්.සී පිලට සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත්විය.

නිපුන් ධනංජය සහ ක්‍රිෂාන් සංජුල එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 73 කදී ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූ අතර 5 වැනි කඩුල්ල සඳහා පන්දු 124 කදී ලකුණු 166 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් එස්.එස්.සී පිලේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට ගෙන යෑමට සම්මු අෂාන් සහ චමිඳු වික්‍රමසිංහ සමත්වූහ.

ඉංෂක සිරිවර්ධන සහ දිනේෂ් ඉන්දික අතර කඩුලු 2 බැගින් බෙදී ගියහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 332 ක ඉලක්කයක් හඹාගිය කළුතර නාගරික පිලට ඕවර 24.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 102 ක් පමණි.

එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය ඕවර 6.2 කදී ලකුණු 17 කට කඩුලු 7 ක් දවාගනිමින් කළුතර නාගරික ඉනිම සුනුවිසුණු කිරීමට සමත්විය. ප්‍රභාත් ජයසූරිය විසින් ඉනිම යවන ලද හොඳම පන්දු යැවීම ලෙසද වාර්තා විය. 

නායක දසුන් ශානක කළුතර නාගරික පිලේ පළමු කඩුලු 3 දවාගනිමින් එස්.එස්.සී පිලට සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත්විය.

හුදකලා සටනක නිරත වූ දිනෙත් ජයකොඩි පන්දු 43 කදි හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 34 ක් ලබාගත්තේය.

තවත් තරග 10 ක් අද පැවැති අතර එහිදි ජයග්‍රහණ වාර්තා කිරීමට රාගම, බ්ලූම්ෆීල්ඞ්, ඒස් කැපිටල්, එන්.සී.සී, ද්‍රවිඩ සංගමය, බී.ආර්.සී, සී.සී.සී, මූවර්ස්, ගුවන් හමුදාව සහ පානදුර කණ්ඩායම් සමත්විය.

එස්.එස්.සී පිලේ සම්මු අෂාන් සහ ද්‍රවිඩ සංගම් පිලේ ඩිල්රුවන් පෙරේරා ශතක අද දිනයේදී ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. 

එහිදී එස්.එස්.සී පිලේ ප්‍රභාත් ජයසූරිය කඩුලු 7 ක් ද, රාගම පිලේ ඩෙලන් පිරීස් කඩුලු 6 ක් ද, මීගමුව පිලේ ධනුෂ්ක සඳරුවන් සහ සී.සී.සී පිලේ අෂාන් ප්‍රියංජන් කඩුලු 5 බැගින් ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ඒස් කැපිටල් පිලේ ශෙහාන් ප්‍රනාන්දු ශතක පෙනි පෙනී ලකුණු 94 කට දැවී ගියේය.

එස්.එස්.සී - ඕවර 50 කදී කඩුලු 4 ක් දැවී 331
(නිපුන් ධනංජය 26, ක්‍රිෂාන් සංජුල 64, සම්මු අෂාන් නොදැවී 112, චමිඳු වික්‍රමසිංහ නොදැවී 83, ඉංෂක සිරිවර්ධන 35/2, දිනේෂ් ඉන්දික 42/2)

කළුතර නාගරික - ඕවර 24.2 කදී සියලුදෙනා දැවී 102
(දිනෙත් ජයකොඩි නොදැවී 34, ප්‍රභාත් ජයසූරිය 17/7)

-----------------------------------------------------------------------------------------------------

රාගම පිලට ලකුණු 2 ක ජයක්
මීගමුව සහ රාගම කණ්ඩායම් අතර කටුනායකදී

රාගම - ඕවර 24.1 කදී සියලුදෙනා දැවී 78
(සමින්ද ප්‍රනාන්දු 23, ධනුෂ්ක සඳරුවන් 19/5, ඩිල්ෂාන් මුණවීර 30/3)

මීගමුව - ඕවර 21.2 කදී සියලුදෙනා දැවී 76
(ඩෙලන් පිරීස් 20/6, ශෂික දුල්ෂාන් 28/3)

-----------------------------------------------------------------------------------------------------

බ්ලූම්ෆීල්ඞ් පිලට කඩුලු 5 ක ජයක්
බදුරලිය සහ බ්ලූම්ෆිල්ඞ් කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී

බදුරලිය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 184
(අනුක් ප්‍රනාන්දු 51, සහීඞ් මන්සූර් 44, ගිහාන් රූපසිංහ 25, තමිඳු වික්‍රමාරච්චි 22, චානක කොමසාරූ 24/3, මලින්ද පෙරේරා 29/3)

බ්ලූම්ෆීල්ඞ් - ඕවර 45.3 කදී කඩුලු 5 ක් දැවී 188
(අෂාන් ප්‍රනාන්දු 59, මාධව වර්ණපුර නොදැවී 68, මඕෂධ ප්‍රනාන්දු නොදැවී 49, සහීඞ් මන්සූර් 29/2)

-----------------------------------------------------------------------------------------------------

ඒස් කැපිටල් පිලට ලකුණු 62 ක ජයක්
සැරසන්ස් සහ ඒස් කැපිටල් කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී

ඒස් කැපිටල් - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 270
(තනුක දාබරේ 31, ශෙහාන් ප්‍රනාන්දු 94, දුලීක තිස්සකුට්ටිගේ 72, ටී.බාස්කරන් 38, තවීෂ අභිෂේක් 32/2, ආකාෂ් සේනාරත්න 45/2, තාරක ගුණවර්ධන 46/2)

සැරසන්ස් - ඕවර 46 කදී සියලුදෙනා දැවී 208
(සිතාර ගිම්හාන් 23, තවීෂ අභිෂේක් 43, ඉසිත විජේසුන්දර 43, තනුක දාබරේ 44/3, අමිත දාබරේ 46/3)

-----------------------------------------------------------------------------------------------------

එන්.සී.සී පිලට ලකුණු 43 ක ජයක්
පොලිස් සහ එන්.සී.සී කණ්ඩායම් අතර පොලිස් ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 256
(සඳුන් වීරක්කොඩි 57, ළහිරු උදාර 44, උපුල් තරංග 58, අහන් වික්‍රමසිංහ 35, අසෙල් සිගේරා 32, නදීර බාලසූරිය 45/4, ළහිරු දියන්ත 71/2)

පොලිස් - ඕවර 41.5 කදී සියලුදෙනා දැවී 213
(චතුරංග ජයතිලක 41, අෂේන් බණ්ඩාර 70, නදීර බාලසූරිය 24, යුගීෂ ඩිෂාන් 32/3, අසෙල් සිගේරා 34/3, අශීන් ඩැනියෙල් 31/2)

-----------------------------------------------------------------------------------------------------

ද්‍රවිඩ සංගමයට ලකුණු 124 ක ජයක්
ද්‍රවිඩ සංගමය සහ ලන්කන් කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී

ද්‍රවිඩ සංගමය - ඕවර 50 කදී කඩුලු 4 ක් දැවී 312
(ඩිල්රුවන් පෙරේරා 114, නවෝද් පරණවිතාන 57, සදීර සමරවික්‍රම 29, කමේෂ් නිර්මාල් නොදැවී 52, රවිඳු ප්‍රනාන්දු නොදැවී 25, යෙසිත් රූපසිංහ 16/2)

ලන්කන් - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 188
(දේෂාන් ඩයස් 60, ඩෙවින් පද්මනාදන් 36, ඉෂාන් රංගන 28, රවිඳු ප්‍රනාන්දු 41/3, ශිරාන් ප්‍රනාන්දු 25/2, දිලුම් සුධීර 42/2)

-----------------------------------------------------------------------------------------------------

බී.ආර්.සී පිලට කඩුලු 3 ක ජයක්
හලාවත මේරියන්ස් සහ බී.ආර්.සී කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී

හලාවත මේරියන්ස් - ඕවර 47.1 කදී සියලුදෙනා දැවී 235
(කවිඳු ඉරෝෂ් 38, අනුජ් ජොතින් 50, අවිඳු තීක්‍ෂණ 30, කවිඳු දිල්හාර 23, මල්ක මදුසංක 28/2, දුෂාන් හේමන්ත 29/2, කෙවින් කොත්තිගොඩ 30/2)

බී.ආර්.සී - ඕවර 42 කදී කඩුලු 7 ක් දැවී 236
(ඩිලාන් ජයලත් 54, තිලකරත්න සම්පත් 54, දුෂාන් හේමන්ත 26, ෂශේන් සිල්වා 36/4)

-----------------------------------------------------------------------------------------------------

සී.සී.සී පිලට ලකුණු 192 ක ජයක්
යුදහමුදාව සහ සී.සී.සී කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී

සී.සී.සී - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 301
(නිමේෂ ගුණසිංහ 48, පවන්ත වීරසිංහ 30, මිනෝද් භානුක 34, අෂාන් ප්‍රියංජන් 28, මාලිංග අමරසිංහ 42, පවන් රත්නායක 51, චමිඳු විජේසිංහ නොදැවී 34, අසංක මනෝජ් 60/3, සුමින්ද ලක්ෂාන් 58/2)

යුදහමුදාව - ඕවර 29.1 කදී සියලුදෙනා දැවී 109
(අසේල ගුණරත්න 22, තිසර පෙරේරා 21, අෂාන් ප්‍රියංජන් 27/5, මාලින්ද පුෂ්පකුමාර 17/3)

-----------------------------------------------------------------------------------------------------

මූවර්ස් පිලට කඩුලු 6 ක ජයක්
සෙබස්තිනයිට් සහ මූවර්ස් කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී

සෙබස්තිනයිට්ස් - ඕවර 29.2 කදී සියලුදෙනා දැවී 131
(සාචා ද අල්විස් 24, මනෙල්ක ද සිල්වා 24, තරිඳු රත්නායක 20, ඉම්තියාස් ස්ලාසා 33/3, චානුක දිල්ෂාන් 21/2, මිලාන් රත්නායක 33/2)

මූවර්ස් - ඕවර 26.2 කදී කඩුලු 4 ක් දැවී 132
(දිනුක දිල්ෂාන් නොදැවී 50, මොහොමඞ් ශමාස් 35, ජනිෂ්ක පෙරේරා නොදැවී 29)

-----------------------------------------------------------------------------------------------------

ගුවන් හමුදා පිලට කඩුලු 5 ක ජයක්
නුගේගොඩ සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී

නුගේගොඩ - ඕවර 27.5 කදී සියලුදෙනා දැවී 89
(දුලාංජන මෙන්ඩිස් 15/4, ගයාන් සිරිසෝම 29/2)

ගුවන් හමුදාව - ඕවර 22.2 කදී කඩුලු 5 ක් දැවී 92
(සිතිජ චමෝද් නොදැවී 27, හංස ද සිල්වා 42/2)

-----------------------------------------------------------------------------------------------------

පානදුර පිලට කඩුලු 4 ක ජයක්
ගාල්ල සහ පානදුර කණ්ඩායම් අතර පානදුර නගරසභා ක්‍රීඩාංගණයේදී

ගාල්ල - ඕවර 34.2 කදී සියලුදෙනා දැවී 127
(රවිඳු සෙම්බුකුට්ටිගේ 24, තරිඳු අමරසිංහ 22, විනුර දුල්සර 28, කොෂාන් ධනුෂ්ක 15/3, නිමේෂ් විමුක්ති 24/3, සංජය චතුරංග 17/2)

පානදුර - ඕවර 36 කදී කඩුලු 6 ක් දැවී 131
(අලී මෙහෙරා 24, පාර්ත් පලාවත් නොදැවී 71, චතුර ලක්ෂාන් 18/2, රවිෂ්ක විජේසිරි 27/2)


අදහස් (0)

සම්මු - චමිඳු - ප්‍රභාත් එස්.එස්.සී පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.