Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ස්කොට් - ටෙ‍්‍රඩ්වෙල් එංගලන්ත සංචිතයට කැඳවති

ස්කොට් - ටෙ‍්‍රඩ්වෙල් එංගලන්ත සංචිතයට කැඳවති

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අළු බඳුන තරගාවලිය නිමා වීමටත් පෙර ගේඒම් ස්වෝන් කි‍්‍රකට් පිටියෙන් සමුගැනීම නිසා ඇතිවූ හිදැස පිරවීමට පා දග පන්දු යවන්නකු වන ස්කොට් බ‍්‍රැත්වික් සහ පිට දග පන්දු යවන්නකු වන ජේම්ස් ටෙඞ්වෙල් එංගලන්ත සංචිතයට කැඳවා සිටිති.

එංගලන්තයේ ඩර්හැම් ප‍්‍රාන්තය නියෝජනය කරන 23 හැවිරිදි බ‍්‍රැත්වික් ඊයේ (23 වැනිදා) ඕස්ටේ‍්‍රලියාවට පැමිණීමට නියමිතව සිටි අතර දෙසැම්බර් 26 වැනිදා ආරම්භවන ටෙස්ට් තරගය සඳහා කී‍්‍රඩා කිරීමට ඔහුට හැකිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

දැනට එකම ටෙස්ට් තරගයකට පමණක් (2010 දී බංග්ලාදේශයට එරෙහිව) කී‍්‍රඩා කර ඇති 31 හැවිරිදි ටෙ‍්‍රඞ්වෙල් මේ සතියේදී එංගලන්ත පිලට එක්වන අතර ඔහුට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව ලදහොත් ඒ පස්වැනි ටෙස්ට් තරගයටය.

කෙසේ වෙතත් වමතින් දග පන්දු යවන මොන්ටි පනීසාර් එංගලන්ත සංචිතයේ දැනටමත් සිටී.

ටෙස්ට් තරග 60 කදී කඩුලූ 255  ක් දවාගත් ගේ‍්‍රඒම් ස්වෝන් පවසන්නේ ටෙස්ට් සහ පළමු පෙළ කි‍්‍රකට් කී‍්‍රඩා කිරීමට තරම් තමා ශාරීරිකව ශක්තිමත් නොවන බවයි.


අදහස් (0)

ස්කොට් - ටෙ‍්‍රඩ්වෙල් එංගලන්ත සංචිතයට කැඳවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.