Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තමා ජාත්‍යන්තර තරග බිමෙන් සමුගන්නා බව ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ස්ටුවට් බිනී නිවේදනය කළේය. සමුගැනීම ප්‍රකාශයට පත්කරන විට 37 වියේ පසුවූ බිනී, ඉන්දියාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 6 කට, එක්දින තරග 14 කට සහ විස්සයි20 තරග 3 කට ක්‍රීඩා කර තිබිණ.
අවසන් වරට 2016 වසරේදී ඉන්දියාව නියෝජනය කළ බිනීට, ඉන් අනතුරුව ජාතික කණ්ඩායම සඳහා කැඳවීමක් නොලැබිණ. කෙසේ වුවත් 2014 වසරේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 9 කට කඩුලු 6 ක් බිඳහෙළමින් ඔහු දැක්වූ දක්ෂතාව අදටත් ඉන්දීය පන්දු යවන්නකු එක්දින තරගයකදී දැක්වූ ඉහළම දක්ෂතාව ලෙස සටහන් වේ.
“ඉහළම ජාත්‍යන්තර මට්ටමේදී මගේ රට නියෝජනය කිරීමට ලැබීම මා ලද භාග්‍යයක් මෙන්ම එය මට මහත් අඩම්බරයක්. යැයි සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් බිනී කියා සිටියේය. එහිදී වැඩි දුරටත් ඔහු මෙසේ අදහස් දැක්වීය.
“මාව දිරිමත් කළ පුහුණුකරුවන්ටත්, මා කෙරෙහි විශ්වාසය තැබූ තේරීම් කමිටුවටත් මම ස්තූතිවන්ත වෙනවා. මගේ ක්‍රිකට් ගමනේදී දුක සතුට බෙදාගත් මිතුරන්ට, මා සමඟ එක්ව තරග වැදුණ සගයන්ටත්, මට වගකීම් භාර දුන් නායකයන්ටත් මම ස්තූතිවන්ත වෙනවා. මගේ පවුල නොතිබෙන්නට මට මේ කිසිවක් කිරීමට හැකි වන්නේ නැහැ. මම ඔවුන් ගැන සිතමින් තමයි දිනපතා පිටියට පිවිසියේ.” යැයිද බිනී පැවසීය.
ස්ටුවර්ට් බිනී විවාහ වී සිටින්නේ ‘ස්ටාර්‘ රූපවාහිනී සේවයේ අතිශය ජනප්‍රිය නිවේදිකාවන වන මයන්ති ලැන්ගර් සමගිනි. දෙදෙනාට පුතෙක් සිටී.
ජාත්‍යන්තර තරග බිමේදී වැඩි දස්කම් දැක්වීමට නොහැකි වුවත් වසර 17 ක් පුරා ඉන්දියාවේ පළමු පෙළ තරග සඳහා ක්‍රීඩා කළ බිනී, පළමු පෙළ තරග 95 කදී ලකුණු 4796 ක් රැස්කරමින් කඩුලු 148 ක් දවාගත්තේය. එහිදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 34.25 ක් ලෙස සටහන් විය. ඔහු 2013-14 තරග වාරයේදී සහ 2014-15 තරග වාරයේදී රංජි කුසලාන දිනාගත් කර්ණාටක ප්‍රාන්ත කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකුද විය.
ලෝක කුසලාන දිනාගත් ඉන්දීය කණ්ඩායමේ හිටපු ක්‍රීඩක රොජර් බිනීගේ පුත්‍රයා වූ ස්ටුවට් බිනී, දේශීය එක්දින තරග 100 කට සහ විස්සයි20 තරග 150 කට ක්‍රීඩා කළ අතර අයි.පී.එල්. තරග 95 ක් සඳහාද ක්‍රීඩා කළේය. අයි.පී.එල්. තරග බිමේදී රාජස්ථාන් රෝයල්ස්, මුම්බායි ඉන්දියන්ස් සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් යන කණ්ඩායම් නියෝජනය කරමින් ඔහු ක්‍රීඩා කළේය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.