Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතරිඩී.එස්. සේනානායක’ අනුමස්රණ පළිහ වෙනුවෙන් කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 146 වැනිි නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (7 වැනිදා) සාන්ත තෝමස් පළමු ඉනිම ලකුණු 302 කට සීමා කිරීමට රාජකීය පන්දු යවන්නෝ සමත් වූහ.
ඒ අනුව සාන්ත තෝමසුවන් පළමු ඉනිමේදී රාජකීය විදුහලට වඩා ලකුණු 17 ක් පසුපසින් සිටි අතර ඉනිම නිමා වන විට කඩුල්ලේ රැදී සිටි සාන්ත තෝමස් නායක කවිඳු ඩයස් හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 37 ක් ලබා සිටියේය.
සාන්ත තෝමස් ඉනිම සුනුවිසුණු කර දැමූ රාජකීය නායක රමිරු පෙරේරා ලකුණු 58 කට කඩුලු 5 ක් බිඳහෙළුෑ අතර මෙම තරගයෙන් රාජකීය විදුහලට පළමු ඉනිමේ ජයක් අත්කර දීම සඳහා රමිරුට අනගි සහායක් දුන් රනුක මලවිආරච්චි ලකුණු 72 කට කඩුලු 3 ක් දවාගත්තේය.
දෙවැනි දිනය ආරම්භ වන විට කිසිවකු නොදැවී ලකුණු 32 ක් ලබා සිටි සාන්ත තෝමසුවෝ ඊයේ දිනයේදී කඩුලු 10 ම අහිමිකර ගනිමින් සිය පළමු ඉනිමට තවත් ලකුණු 270 ක් එක්කර ගත්හ. එහිදී ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ උප නායක දිනෙත් ගුණවර්ධන පන්දු 163 ක් පුරා සිය ඉනිම ආරක්ෂා කර ගනිමින් හයේ පහරක් සහ හතර පහර 17 ක් සමග ලකුණු 119 ක් රැස්කළේය.
ආරම්භක පිතිකරුවන් වූ අවිනාෂ් ප්‍රනාන්දු (50) සහ ජේඩ්න් අමරවීර (31) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූ අතර අවිනාෂ්ගේ අර්ධ ශතකය හතරේ පහර 7 කින් සමන්විත විය. ජේඩ්න්ගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර සදෙව් සොයිසා හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 28 ක් රැස්කරමින් සාන්ත තෝමස් පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 78 කදී කඩුලු 7 ක් දැවී 319
(රෙහාන් පීරිස් 158, විමත් දින්සර 25, තෙවිඳු සේනාරත්න 48, යසිඳු දිනානායක නොදැවී 25, කවිඳු ඩයස් 71/2, ඩැරීන් ඩියේගෝ 43/2)
සාන්ත තෝම්ස් විදුහල් පළමු ඉනිම - ඕවර 103 කදී සියලු දෙනා දැවී 302
(ජේඩ්න් අමරවීර 31, අවිනාෂ් ප්‍රනාන්දු 50, සදෙව් සොයිසා 28, දිනෙත් ගුණවර්ධන 119, රෙෂාන් සොලමන්ස් 17, කවිඳු ඩයස් නොදැවී 37, රමිරු පෙරේරා 58/5, රනුක මලවිආරච්චි 72/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.