Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සා.තෝමස් විද්‍යාලය අවසන් පූර්ව වටයට

සා.තෝමස් විද්‍යාලය අවසන් පූර්ව වටයට

රොෂාන් ගුණරත්න - 2019 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අද (26 වැනිදා) සමත්විය.

කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව ප්‍රසාද ලකුණු මගින් ජය හිමිකර ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත්විය. 

කිෂාන් මුණසිංහ (නොදැවී 150) ශතකයක් ද උමයංග සුවාරිස් (72), ඩෙලන් පිරීස් (67) සහ රයන් ප්‍රනාන්දු (50) අර්ධ ශතක රැස්කරමින් සාන්ත තෝමස් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

සා.තෝමස් විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 183.2 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 514
(කිෂාන් මුණසිංහ නොදැවී 150, උමයංග සුවාරිස් 72, ඩෙලන් පිරීස් 67, රයන් ප්‍රනාන්දු 50, යොහාන් පෙරේරා 48, ශලින් ද මෙල් 43, රවිඳු ද සිල්වා 28, දිල්මින් රත්නායක නොදැවී 21, පසන් පෙතන්ගොඩ 99/2, සුභානු රාජපක්ෂ 112/2)

මහින්ද විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 3.4 කදී කිසිවකු නොදැවී ලකුණු 26
(හංසික වැලිහිඳ නොදැවී 20)


අදහස් (0)

සා.තෝමස් විද්‍යාලය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.