Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සැන්ටර් - රෂීඩ් ශාන්ත කිට්ස් පිලට ජය ගෙනෙති

සැන්ටර් - රෂීඩ් ශාන්ත කිට්ස් පිලට ජය ගෙනෙති

editorial - 2020 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ට්‍රිනිඩෑඩ්හිදී පැවැති දෙවැනි තරගයේදී ශා.කිට්ස් සහ නෙවිස් පැට්‍රිඔට්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 6 ක ජයක් හිමිකර ගැනීමට බාබඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම ඊයේ (18 වැනිදා) සමත්විය.

කාසියේ වාසිය දිනූ ශා.කිට්ස් සහ නෙවිස් පැට්‍රිඔට්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට බාබඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 153 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

කයිල් මේයර් පන්දු 20 කදී හයේ පහර 3 ක් සහ හතරේ 2 ක් සමගින් ලකුණු 37 ක් සහ ජේසන් හෝල්ඩර් පන්දු 22 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 38 ක් රැස් කළහ. පසුපෙළ පිතිකරුවකුවූ රෂීඩ් ඛාන් පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 26 ක් රැස්කරමින් ලකුණු පුවරුව ඉහළ දැමීය.

ශෙල්ඩන් කොට්ටේ‍රල්, රයඩ් එම්රිට් සහ සොහෙල් තන්වීර් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය ශා.කිට්ස් සහ නෙවිස් පැට්‍රිඔට්ස් පිලට ඕවර 20 අවාසානයේදී කඩුලු 5 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 147 ක් පමණි.

ජොශුවා ද සිල්වා පන්දු 41 කදී හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 41 ක් රැස්කළද ශා.කිට්ස් සහ නෙවිස් පැට්‍රිඔට්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට අපොහොසත් විය. බෙන් ඩන්ක් පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 34 ක් ලබාගත්තේය.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ මිචෙල් සැන්ටර් සිය ඕවර 4 ලකුණු 18 කට සීමාකරමින් එක් නිලකුණු ඕවරයක් සමගින් කඩුලු 2 ක් දවාගත්තේය. සැන්ටර්ට අනගි සහයක් ලබාදුන් රෂීඩ් ඛාන් සිය ඕවර 4 ලකුණු 27 කට සීමාකරමින් කඩුල්ල 2 ක් දවාගත්තේය.


බාබඩෝස් ට්‍රයිඩෙන්ට්ස් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 153
(කයිල් මේයර් 37, ජේසන් හෝල්ඩර් 38, මිචෙල් සැන්ටර් 20, රෂීඩ් ඛාන් නොදැවී 26, ශෙල්ඩන් කොට්ටේ‍රල් 16/2, රයඩ් එම්රිට් 16/2, සොහෙල් තන්වීර් 25/2)

ශා.කිට්ස් සහ නෙවිස් පැට්‍රිඔට්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 147
(ජොශුවා ද සිල්වා නොදැවී 41, බෙන් ඩන්ක් 34, ක්‍රිස් ලයන් 19, මිචෙල් සැන්ටර් 18/2, රෂීඩ් ඛාන් 27/2)

- 2079


අදහස් (0)

සැන්ටර් - රෂීඩ් ශාන්ත කිට්ස් පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.