Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සැරසන්ස් පිලේ ප්‍රමෝද්ගෙන් ද්විත්ව ශතකයක්

සැරසන්ස් පිලේ ප්‍රමෝද්ගෙන් ද්විත්ව ශතකයක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සැරසන්ස් සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී සැරසන්ස් කණ්ඩායමේ ප්‍රමෝද් මදුවන්ත ද්විත්ව ශතකයක් (217) ලබාගැනීමට අද (18 වැනිදා) සමත්විය.

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ඒ’ ශ්‍රේණිය යටතේ සුපිරි කණ්ඩායම් අට අතර මෙම තරගාවලිය පැවැත්වේ.

පන්දු 367 කට මුහුණදුන් ප්‍රමෝද් මදුවන්ත දැවීයන විට හතරේ පහර 27 ක් සමගින් ලකුණු 217 ක් රැස්කරමින් සැරසන්ස් කණ්ඩායම ලකුණු 500 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය. පළමු පෙල තරගයකදී ඔහු ලබාගත් පළමු ද්විත්ව ශතකය මෙන්ම පළමු ශතකයද වන්නේය.

තවමත් 21 හැවිරිදි වියෙහි පසුවන ප්‍රමෝද් ඉසිපතන විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන අතර ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමද නියෝජනය කර ඇත.

ප්‍රමෝද් මදුවන්ත ලබාගත් ලකුණු 217 මෙවර තරගාවලියේදී දැනට පිතිකරුවකු තරගයකදී රැස්කරගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර 5 වැනි ද්විත්ව ශතකයද වන්නේය.

පළමු දිනට ඊයේ (17 වැනිදා) තරගය අවසන් කරනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 258 ක් රැස්කර සිටි සැරසන්ස් කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 524 ක් රැස්කිරීමට අද සමත්විය.

නිමේෂ් විමුක්ති සහ සාගර් උදේෂී කඩුලු 4 බැගින් දවාගැනීමට සමත්වූ අතර චතුරංග කුමාර කඩුලු 2 ක් දවාගත්තේය.

සුපිරි කණ්ඩායම් අට අතර තරගාවලියේ තවත් තරග 3 ක් එස්.එස්.සී, එන්.සී.සී සහ පී.සරවණමුත්තු යන ක්‍රීඩාංගණවලදී දෙවැනි දිනටත් අද පැවැත්විණි.

එහිදී පිත්තෙන් දස්කම් දැක්වූ ද්‍රවිඩ සංගම් පිලේ සචිත්‍ර සේරසිංහ (නොදැවී 132) සහ සී.සී.සී පිලේ අෂාන් ප්‍රියංජන් (නොදැවී 104) ශතක ලබාගත් අතර සී.සී.සී පිලේ මාලින්ද පුෂ්පකුමාර කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


සැරසන්ස් සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී

සැරසන්ස් 524, හලාවත මේරියන්ස් 58/1

සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 90 කදී සියලුදෙනා ලකුණු 524
(නවිඳු නිර්මාල් 23, ගමිඳු අමරසිංහ 109, ප්‍රමෝද් මදුවන්ත 217, නිපුන් කරුණානායක 80, හරීන් බුද්ධිල 29, නිමේෂ් විමුක්ති 62/4, සාගර් උදේෂී 129/4, චතුරංග කුමාර 84/2)

හලාවත මේරියන්ස් පළමු ඉනිම - ඕවර 9 කදී කඩුල්ලක් දැවී 58
(යශෝධ ලංකා නොදැවී 34, ඕෂධ ප්‍රනාන්දු නොදැවී 21)


එන්.සී.සී සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී 251 සහ 65/1, කෝල්ට්ස් 298

එන්.සී.සී - පළමු ඉනිම - ඕවර 56.1 කදී සියලුදෙනා දැවී ලකුණු 251
(ළහිරු උදාර 85, පැතුම් නිස්සංක 35, නිමේෂ ගුණසිංහ 44, මාලිංග අමරසිංහ 25, සාරංග රාජගුරු 23, අකිල ධනංජය 72/5, ජෙහාන් ඩැනියල් 46/2)

කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 111.2 කදී සියලුදෙනා දැවී ලකුණු 298
(ජෙහාන් ඩැනියල් 67, ප්‍රියමාල් පෙරේරා 51, නිශාන් ප්‍රනාන්දු 67, නිසල තාරක 27, අකිල ධනංජය 37, සචින්ත පිරීස් 87/4, ලසිත් ඇඹුල්දෙණිය 101/4)

එන්.සී.සී - දෙවැනි ඉනිම - ඕවර 16 කදී කඩුල්ලක් දැවී ලකුණු 70
(හසිත බෝයගොඩ නොදැවී 34)


ද්‍රවිඩ සංගමය සහ එස්.එස්.සී කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී

එස්.එස්.සී 321, ද්‍රවිඩ සංගම් පිල 314/5

එස්.එස්.සී- පළමු ඉනිම - ඕවර 86.1 කදී සියලුදෙනා දැවී ලකුණු 321
(සඳුන් වීරක්කොඩි 26, කෞෂාල් සිල්වා 65, ක්‍රිෂාන් ආරච්චිගේ 48, කෝසල කුලසේකර 32, චාමර කපුගෙදර 22, සචිත්‍ර සේනානායක 47, ධම්මික ප්‍රසාද් 50, රමිත රඹුක්වැල්ල 89/5, දමිත සිල්වා 33/3)

ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 87.1 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 314
(ළහිරු මිලන්ත 56, තරංග පරණවිතාන 47, සචිත්‍ර සේරසිංහ නොදැවී 132, යොහාන් මෙන්ඩිස් 35, කසුන් මදුශංක 41/2)


යුද හමුදාව සහ සී.සී.සී කණ්ඩායම් අතර පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී

යුද හමුදා පිල 295, සී.සී.සී 235/4

යුද හමුදාව - පළමු ඉනිම - ඕවර 105.3 කදී සියලුදෙනා දැවී ලකුණු 295
(ලක්ෂාන් එදිරිසිංහ 61, හිමාෂ ලියනගේ 44, දිල්ශාන් ද සොයිසා 40, සංජික රිද්ම 27, කසුන් ද සිල්වා 20, යශෝධ මෙන්ඩිස් 26, නුවන් ලියනපතිරණ 33, මාලින්ද පුෂ්පකුමාර 107/6, ළහිරු මදුශංක 32/2)

සී.සී.සී - පළමු ඉනිම - ඕවර 72 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 235
(මාධව වර්ණපුර 32, සොනාල් දිනූෂ 40, අෂාන් ප්‍රියංජන් නොදැවී 104, වනිඳු හසරංග නොදැවී 32, දුශාන් විමුක්ති 66/3)

 


අදහස් (0)

සැරසන්ස් පිලේ ප්‍රමෝද්ගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.