Last Update  :  2024-12-27 18:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සැහැල්ලු‍ පන්දු සම්මේලන නිලධාරීහු ඇමැති හමුවෙන් දොට්ට

සැහැල්ලු‍ පන්දු සම්මේලන නිලධාරීහු ඇමැති හමුවෙන් දොට්ට

editorial - 2024 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා කැදවූ ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන්ගේ හමුවේදී ශ්‍රී ලංකා සැහැල්ලු‍ පන්දු ක්‍රිකට් සම්මේලනය නියෝජනය කරමින් පැමිණ අසුන් ගෙන සිටි නියෝජිතයන් ශ්‍රවණාගාරයෙන් පිටමං කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළ බව වාර්තාවේ.

සම්මේලනයේ සභාපතිවරයාගේ පැමිණිල්ලකට අනුව මෙසේ ඔවුන් ශ්‍රවණාගාරයෙන් ඇමැතිවරයා හමුව ආරම්භ කිරීමට පෙර ඉවත් කර තිබේ.

කෙසේවූවත් මොවුන්  සැහැල්ලු‍ පන්දු ක්‍රිකට් සම්මේලනය නියෝජනය කරමින් ශ්‍රවණාගාරයට ඇතුළුවී ඇත්තේ එහි ප්‍රධාන ලේකම්වරයා විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට ලිඛිතව කළ දැනුම්දීමකට අනුව බවද වාර්තාවේ.

එහි විධායක නිලධාරී රණදේව කුමානායක, උප සභාපති දයා හේමන්ත ද සිල්වා හා උප  භාණ්ඩාගාරික එම්.එච්.එම්.නවාබ් යන මහත්වරුන් මෙසේ ලේකම්වරයාගේ දැනුම්දීම මත සැහැල්ලු‍ පන්දු ක්‍රිකට් සම්මේලනය නියෝජනය කරමින් ශ්‍රවණාගාරයට ඇතුළුවී සිටියදී මෙම සිදුවීම වාර්තාවී තිබේ.

මෙවැනි කටයුත්තකදී සිය  සම්මේලනය වෙනුවෙන් නියෝජිතයන් නිර්දේශ කිරීමේ බලය ඇත්තේ ලේකම්වරයාට බව ඔවුන් ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන්ට ලිඛිතව පැමිණිල්ලක් කරමින් එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

වැඩි දුරටත් වාර්තා වන පරිදි ඇමැතිවරයාගේ මෙම හමුව සදහා  සැහැල්ලු‍ පන්දු ක්‍රිකට් සම්මේලනයේ  සභාපතිවරයා වෙනම නියෝජිතයන් තිදෙනකු නම් කර ක්‍රීඩා  අමාත්‍යාංශයට යවා තිබේ.එහෙත් ඔවුන් ඊට සහභාගීවී නැත.

මෙසේවීමට හේතුවී ඇති බව සදහන් වන්නේ සභාපතිවරයා හා ලේකම්වරයා මේ වන විට පසමිතුරු පාර්ශව දෙකක් ලෙස සම්මේලනයේ ක්‍රියාත්මක වෙමින් සිටීමය.ඒ අතර විධායක නිලධාරියාගේ මෙහෙයවීමෙන් මේ වන විට සම්මේලනය තරගාවලි කීපයක් පවත්වමින් සිටින බවත් වාර්තාවේ.

ලබන මාර්තු (2025) 31 වැනිදා   සැහැල්ලු‍ පන්දු ක්‍රිකට් සම්මේලනයේ වත්මන් විධායක සභාවේ නිල කාලය නිමාවීමට නියමිතය.ලේකම්වරයාගේ පාර්ශවය පෙන්වා දෙන්නේ සභාපතිවරයා ඇමැතිවරයාගේ හමුවට වෙනම නියෝජිතයන් පිරිසක් නම් කළේ ලේකම්වරයා නම් කළ නියෝජිතයන් පිරිස වැළැක්වීමේ අරමුණින්ම බවත් ඔවුන් ඊට සහභාගි නොවීමෙන් එය තහවුරුවූ බවත්ය.

එයින් මෙම හමුව සදහා සැහැල්ලු‍ පන්දු ක්‍රිකට් සම්මේලනයට ලැබුණු අවස්ථාව මුළුමණින්ම වැළකී ගිය බව ලේකම්වරයාගේ පාර්ශවය චෝදනා කරයි.


අදහස් (0)

සැහැල්ලු‍ පන්දු සම්මේලන නිලධාරීහු ඇමැති හමුවෙන් දොට්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.