Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සැහැල්ලු පන්දු ක්‍රිකට් මුල් පුටුව තිසරට

සැහැල්ලු පන්දු ක්‍රිකට් මුල් පුටුව තිසරට

editorial - 2023 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(වාද්දුව දයා හේමන්ත සිල්වා)

ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ නිලවරණයේදී (2023-25) නව සභාපතිවරයා ලෙස ව්‍යාපාරිකයෙකු වන තිසර ගුණසිංහ මහතා නිතරගයෙන් පත් විය. රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති නිලවරණයේදී ගුණසිංහ මහතා සභාපති ධුරයට පත්විය.

මෙම නිලවරණය අධීක්ෂණයට පැමිණි ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිත තරංග දීපාල් ද සිල්වා මහතා ඉදිරිපත් කළ මෙරට සැහැල්ලු පන්දු ක්‍රිකට් ප්‍රවර්ධන යෝජනා තුනක් ක්‍රියාවට නැංවීමේ කටයුතු ආරම්භ කිරීමට සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ නව විධායක සභාව එකඟතාවයට පැමිණියේය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේම කොටසක් වන සැහැල්ලු පන්දු ක්‍රිකට් නැංවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍යාධාර අනුග්‍රහය ලබා ගැනීම දකුණු ආසියානු සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීම හා දිවයිනේ සියලු දිස්ත්‍රික් හා කලාප ආවරණය වන පරිදි සැහැල්ලු පන්දු දිස්ත්‍රික් සංගම් ස්ථාපිත කිරීම එකඟතාවය පළ කළ එම යෝජනා මාලාවය.

 

ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ නව විධායක සභාව

සභාපති:- තිසර ගුණසිංහ මහතා
ලේකම්:-  කර්නල් එච්.ඩී.එල්. රවීන්ද්‍ර මහතා
උප සභාපතිවරු:-
සුධර්මන් රදලියගොඩ, පී.එම්.එච්. සමරජීව, දයාහේමන්ත ගී කියනගේ, එච්.ඒ. නිශාන්ත සහ එච්. රුක්ෂාන් ද සිල්වා යන මහත්වරු
උප ලේකම්:- එච්.ඩී. නිලුපුල් මදුශංඛ මහතා
භාණ්ඩාගාරික:- එම්.එම්. නවාම් මහතා
උප භාණ්ඩාගාරික:- ඩබ්ලිව්.කේ. සුජිත් ඩයස් මහතා
තරගාවලි ලේකම්:- එච්.ඩී.එල්. ප්‍රේමරත්න මහතා
මාධ්‍ය ලේකම්:- ඩබ්ලිව්. සේනාධීර මහතා
ක්‍රීඩාපිටි ලේකම්:- එම්.එම්. රොෂාන් මහතා
සමාජ හා සුබ සාධන ලේකම්:- කේ.එස්. වීරවර්ධන මහතා

කාරක සභිකයෝ
ටී.කේ. ප්‍රියානන්ද, එච්.පී.එම්. අසාම්, රුවන් සම්පත් වික්‍රමසිංහ, ආර්.ආර්.ඩී. හේරත්, අජිත් සාලින්ද නාගහවත්ත, ඩී.එම්.පී. දසනායක යන මහත්වරු හා පී.එම්.ඩී. මල්කි ගුණරත්න


 


අදහස් (0)

සැහැල්ලු පන්දු ක්‍රිකට් මුල් පුටුව තිසරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.