Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිම්බාබ්වේ පිලට ලකුණු 14 ක ජයක්

සිම්බාබ්වේ පිලට ලකුණු 14 ක ජයක්

editorial - 2023 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටය යටතේ සිම්බාබ්වේ සහ ඕමානය අතර අද (29 වැනිදා) බුලවායෝහිදී පැවැති තරගයෙන් ලකුණු 14 ක ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ පිල සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 333 ක ඉලක්කයක් හඹාගිය ඕමානයට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 318 ක් පමණි. එහිදී පිට පිටම දෙවැනි ශතකය ලබාගත් සිම්බාබ්වේ නායක ෂොන් විලියම්ස් පන්දු 103 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 142 ක් රැස්කළේය.  

සිම්බාබ්වේ - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 332 
(ජෝයිලෝඩ් ගුම්බි 21, ක්‍රෙග් අර්වින් 25, ෂොන් විලියම්ස් 142, වෙස්ලි මැධිවේරි 23, සිකන්දර් රාසා 42, ලුක් ජොන්වේ නොදැවී 43, ෆයාස් බට් 79/4) 

ඕමානය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 318 
(කාශ්‍යප් ප්‍රජාපති 103, අකීබ් ඉල්ලියාස් 45, සීෂාන් මක්සූද් 47, මොහොමඩ් නදීම් නොදැවී 30, බ්ලෙසිං මුසරබානි 57/3, ටෙන්ඩායි චටාරා 73/3, රිචඩ් න්ගරාවා 60/2) 

-036 


අදහස් (0)

සිම්බාබ්වේ පිලට ලකුණු 14 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.