Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිම්බාබ්වේ පුහුණුකරු ලාල්චන්ද්ට කොරෝනා

සිම්බාබ්වේ පුහුණුකරු ලාල්චන්ද්ට කොරෝනා

editorial - 2022 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා අද (10 වැනිදා) අළුයම දිවයිනට පැමිණි සිම්බාබ්වේ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලාල්චන්ද් රාජ්පුත් මහතාට කොවිඞ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

දිවයිනට පැමිණි අවස්ථාවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදී රාජ්පුත් මහතා කොවිඞ් ආසාදිතයකු බවට තහවුරු වී ඇත. ඒ අනුව වාහම ක‍්‍රියාත්මක වූ පරිදි ඔහුව කණ්ඩායමෙන් ඉවත්කර නිරෝධායන කි‍්‍රයාවලියකට යොමු කර තිබේ.

ලංකා පී‍්‍රමියර් ලීග් තරගාවලියේදී කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළ ඉන්දීය ජාතික රාජ්පුත් මහතා, එක්දින තරගාවලිය සඳහා දිවයිනට පැමිණීමට පෙර සිටම කියා සිටියේ ශ්‍රී ලංකාව පරාජය කළ හැකි බවට තමාට ලොකු විශ්වාසයක් ඇති බවය.

ඔහු සමග පැමිණි සිම්බාබ්වේ කණ්ඩයමේ කී‍්‍රඩකයන් සහ සහායක කාර්ය මණ්ඩලයේ කිසිවකුට කොවිඞ්-19 වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇත. කෙසේ වුවත් කණ්ඩායමේ සියලූම සාමාජිකයන් දින 3 ක කාලයක් නවාතැන් ගෙන සිටින හෝටලයේදීම නිරෝධානය වනු ඇත.

දින 3 කින් අනතුරුව ඔවුන්ට පුහුණුවීම් ආරම්භ කළ හැකි අතර දෙරට අතර පළමු එක්දින තරගය මේ මස 16 වැනිදා පැවැත්වීමට නියමිතය. සෙසු තරග දෙක 18 සහ 21 යන දිනවලදී පැවැත්වෙන අතර තරග 3 ම පල්ලෙකැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී දිවා-රාතී‍්‍ර තරග ලෙස පැවැත්වෙනු ඇත.


සිම්බාබ්වේ සංචිතය
කේ‍්‍රග් අර්වින් (නායක), රයන් බර්ල්, රේගිස් චකබ්වා, ටෙන්ඩායි චටාරා, ලූක් ජොන්වේ, ටකුඞ්වන්ෂේ කයිටනෝ, ක්ලයිව් මඩන්ඬේ, වෙස්ලි මධීවේරී, වෙලින්ටන් මසකඞ්සා, ටිනෝටෙන්ඩා මුටොම්බොඞ්සි, බ්ලෙසිං මුසරබානි, න්ගාරවා රිචර්ඞ්, සිකන්දර් රාසා, ශුම්බා මිල්ටන් සහ ෂොන් විල්යම්ස්


අදහස් (0)

සිම්බාබ්වේ පුහුණුකරු ලාල්චන්ද්ට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.