Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සීකුගේ ප්‍රසන්න නේපාලයේ පැවැත්වෙන එවරස්ට් ප්‍රිමියර් ලීග් තරගමාලාව නියෝජනය කිරීම සඳහා ගිවිසුම් අත්සන් කළ දෙවැනි ක්‍රීඩකයා බවට පත්විය. ඒ අනුව මෙවර තරගාවලියේදී චිත්වාන් ටයිගර්ස් කණ්ඩායම සමගින් සීකුගේ එක්වනු ඇත.
“සීකුගේ (ප්‍රසන්න) ගුණාත්මක වටිනාකමක් ඇති ක්‍රීඩකයෙක්. ඔහුගේ පන්දු යැවීමට සහ පිතිහරඹයට තරඟයක ගමන් මග වෙනස් කරන්න පුලුවන්”
“ඕනෑම කණ්ඩායමක තරඟ ජයග්‍රාහකයෙකු සිටිය යුතුයි. ලොව පුරා ඇති විස්සයි20 තරගාවලියන්ට එක්වී ඇති ඔහුගේ අත්දැකීම් චිත්වාන් ටයිගර්ස් පිල තවදුරටත් ශක්තිමත් කරනු ඇති. ඔහු අපේ පැත්තට වටිනාකමක් එකතු කරන්නෙකු වනු නොඅනුමානයි. නේපාලයේ ප්‍රමුඛතම ක්‍රීඩා සැණකෙලිය වන එවරස්ට් ප්‍රිමියර් ලීගයෙහිදි ඔහු වැඩි වටිනාකමක් එක් කරනු ඇති බව අපට විශ්වාසයි” යයි චිත්වාන් ටයිගර්ස් හි හිමිකරු කිෂෝර් භත්තරායි මහතා පැවසීය.
මින් පෙර, එවරස්ට් ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා භයිරාවා ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් හිටපු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ගිවිසුම් අත්සන් කළේය. නමුත් එළඹෙන දකුණු අප්‍රිකානු තරගාවලිය සඳහා නම් කළ 30 දෙනෙකුගෙන් යුත් සංචිතයේද සාමාජිකයකු වන චන්දිමාල් විස්සයි20 ලෝක කුසලානයට එක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බැවින් එවරස්ට් ප්‍රිමියර් ලීග් තරගමාලාවට එක් නොවීමට තීරණය කර ඇත.
ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා පුහුණුකරු පුබුදු දසනායක මහතා කටයුතු කරනු ලැබේ.
කණ්ඩායම් 6 ක සහභාගීත්වයෙන් 4 වැනි වරටත් පැවැත්වෙන එවරස්ට් ප්‍රිමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් 25 වැනිදා සිට ඔක්තෝබර් 9 වැනිදා දක්වා පැවැත්වේ.
ලොව පුරා ප්‍රබල ක්‍රීඩකයක් රැසක් මෙවර එවරස්ට් ප්‍රිමියර් ලීග් තරගාවලිය සමගින් එක්වීමට බලාපොරොත්තුවෙන් සිටිති.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.