Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සුන්දර්ට කොරෝනා

සුන්දර්ට කොරෝනා

editorial - 2022 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරසය වැළඳීම හේතුවෙන් ඉන්දීය දඟපන්දු යවන ක‍්‍රීඩක වොෂින්ටන් සුන්දර්ට දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමිවී ඇත.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය මේ මස 19 වැනිදා ආරම්භ වන අතර එම තරගාවලියට එක්වන ක‍්‍රීඩකයන් හෙට (12 වැනිදා) දකුණු අප‍්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතය.

22 හැවිරිදි ඔහු දින කිහිපයකට පෙර සිදුකරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණයක ප‍්‍රතිඵල අනුව ඔහුට කොරෝවා වයිරසය වැළ`දී ඇති බවට තහවුරු වූ බවත්, ඔහු දකුණු අප‍්‍රිකාවට නොයන බවත් කාර්යාල නිලධාරියෙක් අද  (11 වැනිදා* තහවුරු කර ඇත.

”ඔහුට දින කිහිපයකට පෙර වයිරසය වැළ`දී ඇති බව තහවුරු වූනා. ඔහු සංචිතය සමඟ ගමන් නොකරන බවට තීරණය කරලා තියෙනවා.” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ආබාධ හේතුවෙන් මාස 10කට ආසන්න කාලයක් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සුන්දර්ට සිදුවිය. 2021 මාර්තු මාසයේදී ඔහු අවසන් වරට ඉන්දියාව වෙනුවෙන් ක‍්‍රීඩා කළේය. සුවය ලැබීමෙන් පසුව මෑතකදී පැවැති විජේ හසාරේ කුසලානය සඳහා තමිල්නාඩු කණ්ඩායමට ක‍්‍රීඩා කළ අතර එහිදී ඔහු තරමක් හොඳින් ක‍්‍රීඩා කිරීම එක්දින සංචිතයට නැවත කැඳවීමට හේතු විය. කෙසේ වෙතත්, කොරෝනා වැළඳීම හේතුවෙන් ඔහුට නැවතත් ජාත්‍යන්තර පිටියට පිවිසීම තාවකාලිකව මඟ හැරි යාමට හේතුවිය හැකිය.

වොෂින්ටන් සුන්දර් වෙනුවෙන් ආදේශකයකු නම් කිරීම පිළිබඳව තවමත් සාකච්ඡා පැවැත්වෙමින් පවතී. තේරීම් කමිටුව තවමත් විධිමත් ලෙස රැස්වී නොමැති නමුත් සභාපති චේතන් ෂර්මා මේ සම්බන්ධයෙන් ඉන්දිය ක‍්‍රිකට් මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි සහ ලේකම් ජේ ෂා මහත්වරුන් සමඟ සාකච්ඡුා කර අද සවස් වන විට තීරණයක් ගැනීමට අපේක්ෂා කෙරේ.

එක්දින තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලෝකේෂ් රාහුල්ට පැවරි තිබේ. දඟපන්දු යවන්නන් ලෙස රවිචන්ද්‍රන් අශ්වින් සහ යුස්වේන්ද්‍ර චාහල් සංචිතයේ රැඳී සිටිති.

දෙරට අතර පළමු සහ දෙවැනි එක්දින තරග මෙම 19 සහ 21 වැනිදා පාල් හී දීත් තෙවන තරගය 23 වැනිදා කේප්ටවුන් හි නිව්ලන්ඩ්ස් ක‍්‍රීඩාංගණයේ දීත් පැවැත්වේ.

- 2079


අදහස් (0)

සුන්දර්ට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.