Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිඞ්නි තණතීරුව ඕස්ටේ‍්‍රලියාවට ආවඩයි

සිඞ්නි තණතීරුව ඕස්ටේ‍්‍රලියාවට ආවඩයි

ශනුක අරවින්ද - 2014 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කලකට ඉහතදී දග පන්දු යවන්නන්ගේ පරාදීසයක් සේ ප‍්‍රචලිතව තිබුණු සිඩිනි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ අද තත්ත්වය එහි කීර්තිනාමයට සපුරා වෙනස් ස්වභාවයක් ගනී.

මෙම කී‍්‍රඩංගණයේ දැනට දක්නට ලැබෙන තණකොළ සහිත ස්වභාවයෙන් උපරිම ප‍්‍රයෝජන ගනිමින් අළු බඳුන තරගාවලියේදී 5-0  ක පරාජයක් එංගලන්තයට උරුම කර දීමට තමන් උත්සාහ කරන බව  ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් පවසයි.

අළු බඳුන තරගාවලියේ පස්වැනි සහ අවසාන ටෙස්ට් තරගය හෙට (3 වැනිදා) සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වන අතර තරගාවලියේ පළමු තරග හතරම ජයගත්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම 4-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.

අද පෙරවරුවේදී මෙම කී‍්‍රඩාංගණයේ දක්නට තිබුණ තත්ත්වය අනුව එය වේග පන්දු යවන්නන්ට හිතකර වේ යයි තමා සිතන නමුත් එහි පැරණි වාර්තාව අනුව තරගය දිගහැරීමේදී දග පන්දු යවන්නනටත් වසිදායක වේ යයි තමන් අනුමාන කරන බව මයිකල් ක්ලාක් පැවසීය.

”මා හිතන්නේ ඒ ආශාව (එංගලන්ත පිල 5-0 කින් පරාජය කිරීමේ අභිලාශය) කණ්ඩායමේ සෑම කී‍්‍රඩකයකු තුළම තියෙනවා. මෙල්බර්න්හිදීත් (සිවුවැනි ටෙස්ට් තරගයට පෙර) මා මේ බව කියා සිටියා. එම තරගයේදී කී‍්‍රඩා කළ ආකාරයෙන් අප ඒ බව පෙන්වූවා” යයිද මයිකල් ක්ලාක් පැවසීය.

මේ අතර පස්වැනි ටෙස්ට් තරගයේදී එංගලන්ත පිලට නවකයන් ඇතුළත් විය හැකි යයි යන ආරංචිය සත්‍යයක් විය හැකි යයි නායක ඇලිස්ටෙයාර් කුක් පවසයි.

තරගාවලිය පරාජය වී ඇති නමුත් අනාගතය වෙනුවෙන් කරනු ලබන ආයෝජනයක් ලෙසින් හෙට තරගයේදී එංගලන්ත පිලට ගැරී බැලන්ස්, ස්කොට් බ්‍රෙත්වික් සහ බොයිඞ් රැන්කින් ඇතුළත් වනු ඇතැයි දැනගන්නට තිබේ. මේ තිදෙනාම තවමත් ටෙස්ට් තරගයකට කී‍්‍රඩා නොකළ නවකයෝ වෙති.

කෙසේ වෙත් අවසන් ටෙස්ට් තරගය සඳහාත් අතිරේක කඩුලූ රකින්නා වන ජොනී බෙයාර්ස්ටෝ කෙරෙහි විශ්වාසය තැබීමට එංගලන්ත නායකයා තීරණය කර තිබේ.
”මා හිතන්නේ ජොනීට තවත් අවස්ථාවක් දෙන්න  ඕනෑ” යයි ඇලිස්ටෙයාර් කුක් පැවසීය.
 

 

 


අදහස් (0)

සිඞ්නි තණතීරුව ඕස්ටේ‍්‍රලියාවට ආවඩයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.