Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 8 වැනි තරගය ලෙස එක්සත් අරාබි එමිර් රාජ්‍ය සහ සිම්බාබ්වේ අතර නෙල්සන්හිදී අද (19) පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් සිම්බාබ්වේ පිල කඩුලූ 4 ක ජයක් ලැබීමට සමත් විය.
සිම්බාබ්වේ පිතිකරුවෝ ලකුණු 286 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 48 කදී කඩුලූ 6 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
සීන් විලියම්ස් (නොදැවී 76) සහ ග්‍රෙග් එර්වින් (42) හයවැනි කඩුල්ලට පන්දු 62 කදී වේගවත් ලකුණු 83 ක සම්බන්ධතාවක් පවත්වමින් ගිලිහීමට ගිය ජයග‍්‍රහණය රැක ගැනීමට සමත් වූහ.
සීන් විලියම්ස් පන්දු 65 කදී නොදැවී රැස්කළ ලකුණු 76 ට හතරේ පහර 7 ක් සහ හයේ පහරක් අන්තර්ගත කළේය.
ග්‍රෙග් එර්වින් දෙවැනි අධිවේගී ඕවර 5 තුළදී එක්සත් අරාබි පන්දු යවන්නන් ප‍්‍රහාරයකට ලක්කරමින් පන්දු 32 කදී හතරේ සහ හයේ පහර දෙක බැගින් වාර්තා කරමින් ලකුණු 42 ක් ලකුණු පුවරුවට එකතු කළේය.
බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 44 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 47 ක් රැස්කරමින් සිම්බාබ්වේ ලකුණු වේගය වැඩි කර පිටියෙන් ඉවත් විය.
ශ‍්‍රී ලංකාවට එරෙහිව පුහුණු තරගයේදී ශතකයක් සහ දකුණු අප‍්‍රිකාවට එරෙහිව පළමු තරගයේදී ලකුණු 80 ක් රැස්කළ හැමිල්ටන් මැසකඞ්සා ලකුණකට දවා ගනිමින් එක්සත් අරාබි පිල වාසියක් ලබා ගත්තේය.
රිගිස් චකබ්වා ලකුණු 35 ක් ලබා මොහොමඞ් තයුකුර්ගේ පන්දුවකට පහර දීමට යෑමේදී පාදයක් කඩුල්ලේ වැදීමෙන් හිට් විකට් ලෙස දැවී ගියේය.
ආරම්භක පිතිකරු සීකාන්දර් රාෂා පන්දු 44 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 46 ක් ලබා සිටියේදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.
ශයිමාර් අන්වර් පන්දු 50 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 67 ක් රැසකරමින් පළමුව පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ ක‍්‍රීඩකයකු වන එක්සත් අරාබි පිලට ක‍්‍රීඩා කරන ඇන්ඩි බෙරෙන්ජ පන්දු 36 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 22 ක් ලබා සිටියදී දැවී ගියේය.
එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිල ඕවර 50 යේදී කඩුලූ 7 ට 285
(ඇන්ඩි බෙරෙන්ජ 22, ක‍්‍රිෂ්ණ චන්ද්‍රන් 34, කුරාම් ඛාන් 45, එස්. පී. පාටිල් 32, ශයිමාර් අන්වර් 67, අම්ජාඞ් ජාවිඞ් නොදැවී 25, මොහොමඞ් නවීඞ් නොදැවී 23, ටෙන්ඩායි චටාරා 42/3, සොලමන් මිරේ 39/2, සීන් විලියම්ස් 43/2)
සිම්බාබ්වේ පිල ඕවර 48 කදී කඩුලූ 6 ට 286
(සීකාන්දර් රාෂා 46, රිගිස් චකබ්වා 35, බ්‍රෙන්ඩන් ටේලර් 47, සීන් විලියම්ස් නොදැවී 76, ග්‍රෙග් එර්වින් 42, එල්ටන් චිකුම්බුරා නොදැවී 14, මොහොමඞ් තයුකුර් 51/2)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.