Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානු කණ්ඩායමට එරෙහිව විස්සයි20 තරගාවලියකට සහ එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා සිම්බාබ්වේ පිල මේ වන විට පාකිස්තානයට පැමිණ තිබේ. ඒ අනුව ටෙස්ට් වරම් ලද රටවල් අතුරන් වසර 6 කට පසු පාකිස්තානයේ සංචාරයක නිරත වන පළමු රට බවට සිම්බාවේ පිල පත්ව තිබේ.
සිම්බාබ්වේ පිල මෙම සංචාරයේදී පාකිස්තාන පිලට එරෙහිව විස්සයි20 තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගී වන අතර ඉන් පළමු විස්සයි20 තරගය ලබන සිකුරාදා (22) වැනිදා ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතය.
සිම්බාබ්වේ පිල පාකිස්තානයට පැමිණි අවස්ථාවේදී ලාහෝර් ගුවන් තොටුපළේ සිට ඔවුන් නවාතැන් ගැනීමට නියමිත හෝටලය වෙත රැගෙන යෑම සඳහා ආරක්ෂකයන් විශාල සංඛ්‍යාවක් යොදවා තිබූ බව වාර්තා වේ.
2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් කළ බස් රථය ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක්ට ලක්වීමෙන් අනතුරුව මෙතෙක් කිසිදු ප‍්‍රධාන පෙළේ කි‍්‍රකට් ජාත්‍යන්තර තරගාවලියක් පාකිස්තානයේදී පවත්වා නොමැත. ලාහෝර් ප‍්‍රහාරයේදී පාකිස්තාන පොලිස් නිලධාරීන් හයදෙනෙක් මියගිය අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයෝ හත්දෙනෙක් තුවාල ලැබූහ.
කෙසේ වුවත් මේ වන විට පාකිස්තානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක හේතූන් මත පාකිස්තාන - සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් කිසිදු තරග නිලධාරියකු පාකිස්තානයට නොයැවීමට අන්තර් ජාතික කි‍්‍රකට් සභාව තීරණය කර තිබේ.
කෙසේ වුවත් බී. බී. සී. පුවත් සේවයේ පාකිස්තාන වාර්තා කරුවකු වන ශසීබ් ජිලානි මහතා කියා සිටින්නේ පාකිස්තාන කි‍්‍රකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් මෙම තරගාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා දැඩි පරිශ‍්‍රමයක් දරන බවයි. මෙම තරගාවලියෙන් අනතුරුව පාකිස්තානයේදී තවත් ජාත්‍යන්තර කි‍්‍රකට් තරගාවලි පැවැත්වීමට ඔවුන් සූදානමින් සිටින බවද ශසීබ් ජිලානි මහතා තවදුරත් කියා සිටියේය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.