Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මීගමුව හරිස්චන්ද්ර විදුහල සහ රද්දොළුව ශ්රී පංඥානන්ද මහ විදුහල අතර කටුනායක වෙලඳ කළාප ක්රීඩාංගණයේදී පැවැති වාර්ෂික එක්දින තරගයෙන් ලකුණු 224 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට හරිස්චන්ද්ර විදුහල සමත් විය.
ජයග්රහණය සඳහා ලකුණු 251 ක ඉලක්කයක් හඹාගිය පංඥානන්ද විදුහලට ඕවර 12.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 26 ක් පමණි. සචිත ගිම්හාන ලකුණු 06 කට කඩුලු 5 ක්ද, රෂේන් සාලිංග ලකුණු 15 කට කඩුලු 4 ක්ද දවාගනිමින් පංඥානන්ද ඉනිම සුනුවිසුනු කර දැමුවේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් හරිස්චන්ද්ර විදුහල ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 250 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ශකිල අෂේන් නොදැවී ලකුණු 89 රැස්කරමින් හරිස්චන්ද්ර ඉනිම සවිමත් කළේය.
හරිස්චන්ද්ර විදුහල - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 250
(ශකිල අෂේන් නොදැවී 89, තීක්ෂන සිල්වා 49, දේවින්ද දර්ෂන 21, දිනුක් ආලෝක 47/3, යසින්ත සෙමාල් 41/2)
ශ්රී පංඥානන්ද මහ විදුහල - ඕවර 12.5 කදී සියලු දෙනා දැවී 26
(සචිත ගිම්හාන 06/5, රෂේන් සාලිංග 15/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.