Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හෆීස්ටත් පන්දුව දමාගැසීමේ චෝදනාව

හෆීස්ටත් පන්දුව දමාගැසීමේ චෝදනාව

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දමාගසමින් පන්දු යැවීමේ ආන්දෝලනය නව අතකට පෙරළමින් පාකිස්තානු විස්සයි:20  කණ්ඩායමේ නායකයාව සිටි මොහොමඞ් හෆීස්ද පන්දුව දමාගසන්නේය යන චෝදනාව එල්ල වී තිබේ.

මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ලාහෝර් ලයන්ස් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන මොහොමඞ් හෆීස් මෙන්ම ඩොල්පින්ස් පිලේ පී‍්‍රන්ලන් සුබ‍්‍රයාන්ද පන්දුව දමාගැසීමේ චෝදනාවට ලක්ව සිටිති.

ශූරයන්ගේ ලීග් තරගාවලියේදී ඊයේ (සෙනසුරාදා) පැවැති තරගයකදී මොහොමඞ් හෆීස් සහ පී‍්‍රන්ලන් දෙදෙනාගේම පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව කුමාර් ධර්මසේන (ශී‍්‍ර ලංකාව), විනීත් කුල්කාර්නි සහ අනිල් චෞද්රි(ඉන්දියාව) යන විනිසුරුවරුන් විසින් වාර්තා කරනු ලැබ තිබිණ.

මොහොමඞ් හෆීස්ට මෙන්ම පී‍්‍රන්ලන්ටද මේ වනවිට අවවාද කර තිබෙන නමුත් තවදුරටත් පන්දු යැවීමේ යෙදීම සඳහා ශූරයන්ගේ කුසලාන තරගාවලියේ සංවිධායකයන් වන ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය අවසර දී තිබේ. එහෙත් නැවත වරක් පන්දුව දමාගසන්නේය යන චෝදනාවට ලක්වුවහොත් ඔවුනට පන්දු යැවීමේ තහනමක් පැනවෙනු ඇත.

මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී පන්දුව දමාගැසීමේ චෝදනාවට ලක්වූ දෙවැනි පාකිස්තානු කී‍්‍රඩකයා හෆීස්ය. ලාහෝර් ලයන්ස් පිල වෙනුවෙන්ම කී‍්‍රඩා කරන අද්නන් රසූල්ද පන්දුව දමාගසන්නේය යන චෝදනාවට මේ සතිය මුලදී ලක්විය.

පාකිස්තානු පිලේ ප‍්‍රධානතම දග පන්දු යවන්නා වන සයීඞ් අජ්මල්ගේ පන්දු යැවීම සැක සහිත බැවින් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගන්නා තුරු සයීඞ් අජ්මල්ට තහනමක් පැනවීමටද අන්තර්ජාතික කි‍්‍රකට් සභාව මේ මස මුලදී පියවර ගත්තේය.

 


අදහස් (0)

හෆීස්ටත් පන්දුව දමාගැසීමේ චෝදනාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.