Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ඇතැමුන් පුද්ගලික න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කිරීම හේතුවෙන් තමාට දස්කම් අතර සිටියදී පවා ජාතික සීමිත ඕවර කණ්ඩායම්වල ස්ථානයක් අහිමිවූ බවත්, ලැබුණු අවස්ථාවෙන් තවදුරටත් තමාට රට දිනවීම සඳහා ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති බව ඔප්පුකර පෙන්වූ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඉරිදා (14 වැනිදා) පැවැති තරගයේදී කඩුලු 3 ක ජයක් ලැබීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී මැතිව්ස් ඒ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද සඳහන් කළේය.
“ක්‍රීඩකයෙක් විදියට අන්තිම එල්.පී.එල්. තරගාවලි දෙකේදී හොදින් දස්කම් දක්වලා තියෙද්දිත් අවාසනාවකට මාව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට තේරුණෙත් නෑ, එක්දින ලෝක කුසලාන තරගාවලියට තේරුණෙත් නෑ. ඒ ඇයි කියලා හේතුවක් මම දන්නේ නෑ. සමරදෙනා එයාලගෙ පුද්ගලික න්‍යායපත්‍රවලට අනුව තීරණ ගත්තු නිසා තමයි මේ වගේ දේවල් වූණේ.”
“අන්තිමට අපි ශූරයන්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබුවෙත් නෑ. එයලාට අවුරුදු 2 ක් තිබුණා ඒක සැලසුම් කරන්න. මොකද අපි අනිත් කණ්ඩායම් වගේ ඒ තරග 24 ම ක්‍රීඩා කළා. ඉතින් කොව්ඩ්වත් වෙන දෙයක්වත් කියලා අපිට නිදහසට කරුණු දෙන්න බැහැ. කොහොම හරි අවාසනාවකට වගේ අපි ඒ තරගාවලියට සුදුසුකම් ලැබුවේ නෑ.”
“දැන් ඉතින් ඒ ගැන හිතලා වැඩක් නෑ. තව මාස 5 කින් ලෝක කුසලාන තරගාවලිය තියෙනවා. මම හැමතිස්සෙම විශ්වාස කරන දෙයක් තමයි හිතට එකඟව ක්‍රීඩා කරනවා නම් දස්කම් දක්වන්න අවශ්‍ය වාතාවරණය අපිට හදාගන්න පුලුවන් කියන එක. ඒත් අනිත් දේවල් අපිට පාලනය කරන්න බැහැ.”
“පහුගිය අවුරුදු ටිකේ මම හුඟක් උත්සාහ කළා නැවත කණ්ඩායමට එන්න. මොකද මට තාම ක්‍රීඩා කරන්න පුලුවන් කියලා මම හිතනවා. ඒත් මගේ දස්කම් සහ ශාරීරික සෞඛ්‍ය අනුව තමයි ඒක තීරණය වෙන්නෙ. ඒ නිසා කණ්ඩායමේ රැඳිලා ඉන්නාතාක් මගේ උපරිමට කණ්ඩායමට දෙන්න මම බලාපොරොත්තු වෙනවා.” යැයි මැතිව්ස් කීය.
ක්‍රීඩකයෙක් වුවද, පුහුණුකරුවකු වුවද, තේරීම් කමිටු සාමාජිකයකු වුවද, තම තමන්ගේ පුද්ගලික න්‍යායපත්‍රවලට අනුව කටයුතු නොකර කණ්ඩායමේ දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා නම් එම කණ්ඩායම එක් දිසාවකට ඇදී යන බවත්, යටි අරමුණු ඇතිව කටයුතු කිරීම තුළින් කණ්ඩායමක විවිධ ගැටලු පැන නැගෙන බවත් එහිදී මැතිව්ස් කියා සිටියේය.
“දැන් අපි වැටිලා ඉන්න තත්වෙට අපි හැමෝම වගකියන්න ඕන. මේ තත්වෙන් ගොඩ එන්නෙ කොහොමද කියන එක තමයි අපි දැන් බලන්න ඕන. දැන් අපේ ප්‍රධානම ඉලක්කය විය යුත්තෙ විස්සයි-20 ලෝක කුසලානය. හොඳ කණ්ඩායමක් හදාගෙන, පුලුවන් උපරිම හොඳින් ක්‍රීඩා කරලා ලංකාවට නැතිවුණ කීර්තිය නැවත ලබාදෙන්න තමයි අපි සියලු දෙනාම කටයුතු කරන්න ඕන.” යැයිද ඔහු පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.