Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හිටපු ශූරයෝ අනු ශූරයෝත් අර්ධ අවසන් පූර්ව වටයට

හිටපු ශූරයෝ අනු ශූරයෝත් අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2022 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඉකුත් වසරේ (2021) පැවැති තරගාවලියේ ශූරයන් වූ පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

කණ්ඩායම් 18 ක සහභාගීත්වයෙන් පැවැති ‘ඒ’ කාණ්ඩයේ මූලික වටයේ තරග කණ්ඩායම් 9 බැගින් වූ ‘එක්ස්’ සහ ‘වයි’ යන අනු කාණ්ඩ දෙක යටතේ පැවැත්විණ. එහිදී දැක්වූ දස්කම් අනුව කණ්ඩායම් 4 බැගින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් බවට පත් වූ සුමංගල විදුහල මෙවර තරගාවලියේ මූලික වටයේදී ‘එක්ස්’ අනු කාණ්ඩය යටතේ සහභාගි වූ තරග 8 න් 7 ක් ජයගනිමින් ලකුණු 33 කට හිමිකම් කීවේය.

වත්තල ලැයිසියම් ජාත්‍යන්තර පාසල, කළුතර සිරි කුරුස විදුහල සහ කැලණිය ධර්මාලෝක විදුහල පිළිවෙලින් ‘එක්ස්’ අනු කාණ්ඩයේ දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වෙමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

මූලික වටයේදී ‘වයි’ අනු කාණ්ඩය යටතේ සහභාගි වූ තරග 7 න් 5 ක් ජයගත් ඉකුත් වසරේ අනු ශූර කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල, ලකුණු 25 ක් ලබා එහි පෙරමුණ ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය.
ගලහිටියාව මැදි විදුහල, පිළියන්දල මැදි විදුහල සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ ‘වයි’ අනු කාණ්ඩයේ දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වෙමිනි.


අර්ධ අවසන් පූර්ව වටය
■    පානදුර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල
■    කළුතර සිරි කුරුස විදුහලට එරෙහිව ගලහිටියාව මැදි විදුහල
■    වත්තල ලැයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව පිළියන්දල මැදි විදුහල
■    කැලණිය ධර්මාලෝක විදුහලට එරෙහිව කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල

 


අදහස් (0)

හිටපු ශූරයෝ අනු ශූරයෝත් අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.