Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රංගන හේරත්, සනත් ජයසූරිය සහ නුවන් කුලසේකරගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්” තරගාවලියේ ඊයේ (8 වැනිදා) පැවැති තරගයකදී දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් පිලට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 90 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ඕවර 13.2 කදී කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් පසුකර යෑමට සමත්විය.
තිලකරත්න ඩිල්ශාන් පන්දු 40 කදී හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 50 ක් සහ උපුල් තරංග පන්දු 31 කදී හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 27 ක් රැස්කරමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් පිලට ආරාධනා කළ අතර ඕවර 18.5 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 89 ක් පමණි.
ඇන්ඩෘ පුටික් පන්දු 46 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 39 ක් ලබාගනිමින් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර සැන්ඩර් ඩි බ්‍රයන් ලකුණු 15 ක් ලබාගත්තේය. සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසුකර යෑමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.
රංගන හේරත්, නුවන් කුලසේකර සහ සනත් ජයසූරිය කඩුලු 2 බැගින් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් - ඕවර 18.5 කදී සියලුදෙනා දැවී 89
(ඇන්ඩෘ පුටික් 39, රංගන හේරත් 11/2, නුවන් කුලසේකර 13/2, සනත් ජයසූරිය 24/2)
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් - ඕවර 13.2 කදී කඩුල්ලක් දැවී 92
(තිලකරත්න ඩිල්ශාන් නොදැවී 50, උපුල් තරංග නොදැවී 27)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.