Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හේසල්වුඩ් ඕස්ට්‍රේලියානු සංචිතයෙන් ඉවතට

හේසල්වුඩ් ඕස්ට්‍රේලියානු සංචිතයෙන් ඉවතට

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වන විට ඉදිරියෙන්ම සිටින ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නා වන ජොස් හේසල්වුඞ්ට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අහිමි වී තිබේ. පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් හේසල්වුඞ්ට ටෙස්ට් තරග දෙකම අහිමි වන අතර ඔහු වෙනුවට ජායි රිචඞ්සන් ඕස්ට්‍රේලියානු සංචිතයට එක්වී සිටියි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ උපනායකයාද වූ හේසල්වුඞ් පසුගිය වසරේදීත් මෙම ආබාධයටම ලක්ව සිටියේය.

“පසුගිය දින කිහිපයේදීම ජොස් එයාගේ පිටකොන්දේ තිබුණු ඉදිමීමක් ගැන කියමින් හිටියා. ස්කෑන් පරීක්‍ෂණයකින් හෙළිදරව් වෙලා තියෙන්නේ ඔහුගේ පිටකොන්දේ අස්ථියක සියුම් පිපිරුමක් තිබෙන බවයි. කොහොම වුණත් තාම ඒක තියෙන්නේ මූලික මට්ටමේ” යයි ඕස්ටේ්‍රලියානු පිලේ භෞත චිකිත්සක ඬේවිඞ් බීක්ලි මහතා පැවසීය.

ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගාවලියේදී සාර්ථක දස්කම් දැක්වූ ජායි රිචඞ්සන් තේරීම් කමිටු නිලධාරීන්ගේ අවධානය දිනාගැනීමට සමත් වූයේය. මේ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී මිචෙල් ස්ටාක්, පැට්ටි්‍රක් කමින්ස් සහ පීටර් සිඞ්ල් යන වේග පන්දු යවන්නන් තිදෙනාට ජායි රිචඞ්සන්ද එක්වනු ඇත.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන බ්‍රහස්පතින්දා (24 වැනිදා) බි්‍රස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම තරගය දිවා/රාත්‍රී තරගයකි. ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර දෙවැනි ටෙස්ට් තරගය කැන්බරා නුවරදී පැවැත්වේ.


නැවත සකස් කරන ලද ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය.
ටිම් පේන් (නායක), විල් පූකොව්ස්කි, මැතිව් රැන්ෂෝ, ජෝ බර්න්ස්, පැට් කමින්ස්, මාකස් හැරිස්, ට්‍රැවිස් හෙඞ්, උස්මන් කවාජා, මානස් ලැබුස්චේන්ජ්, නේදන් ලයන්, ජායි රිචඞ්සන්, මිචෙල් ස්ටාක් සහ පීටර් සිඞ්ල්

 


අදහස් (0)

හේසල්වුඩ් ඕස්ට්‍රේලියානු සංචිතයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.