Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හෝබාර්ට් හරිකේන්ස් පිලට කඩුලූ 6 ක ජයක්

හෝබාර්ට් හරිකේන්ස් පිලට කඩුලූ 6 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ මූලික වටයේ 16 වැනි  තරගය ලෙස බාර්බඩෝස් ට‍්‍රයිඩන්ස් පිල සහ හෝබාර්ට් හරිකේන්ස් පිල අතර මොහාලි හිදී අද (28 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 6 ක ජයක් වාර්තා කිරීමට හෝබාර්ට් හරිකේන්ස් පිල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 114 ක ඉලක්කයක් හඹාගිය හෝබාර්ට් හරිකේන්ස් පිල කඩුලූ 4 ක් පමණක් දැවී පන්දු 10 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියේය.

හෝබාර්ට් පිලේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 46 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩ නැගූ ශොයිබ් මලික් (නොදැවී 39) සහ ජොනතන් වේල්ස් (නොදැවී 23) තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් බාර්බඩෝස් ට‍්‍රයිඩන්ස් පිලට  ඕවර 19.4 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 113 ක් පමණි.

බාර්බඩෝස් ට‍්‍රයිඩන්ස් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජොනතන් කාටර් පන්දු 34 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 43 ක් රැස්කළේය.

ඕවර 4 ක් යවමින් ලකුණූ 27 කට කඩුලූ 4 ක් දවාගත් ශේවියර් ඩොහාර්ටි, තරගයේ වීරයා බවට පත්විය.

කාසියේ වාසිය දිනූ හෝබාර්ට් හරිකේන්ස් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා බාර්බඩෝස් ට‍්‍රයිඩන්ස් පිලට ආරාධනා කර සිටියේය.

බාර්බඩෝස් ට‍්‍රයිඩන්ස් පිල - ඕවර 19.4 කදී සියලූ දෙනා දැවී 113
(දිල්ෂාන් මුණවීර 18, ජොනතන් කාටර් 42, ශේවියර් ඩොහාර්ටි 27/4, බෙන් හිල්ෆන්හියුස් 14/2, ඩග් බොලින්ජර් 27/2)

හෝබාර්ට් හරිකේන්ස් පිල - ඕවර 18.2 කදී කඩුලූ 4 ක් දැවී 117
(ටිම් පේන් 18, ඒඩන් බ්ලිසාර්ඞ් 21, ශොයිබ් මලික් නොදැවී 39, ජොනතන් වේල්ස් නොදැවී 23, අඛීල් හුසේන් 25/2)

-036

 

 


අදහස් (0)

හෝබාර්ට් හරිකේන්ස් පිලට කඩුලූ 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.