Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ විස්සයි20 තරගාවලියේ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති තරගයකදී නුගේගොඩ ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට බී.ආර්.සී පිලේ ළහිරු සමරකෝන් සමත්විය. 18 වැනි ඕවරයේ අවසන් පන්දු 3 දී මුදිත ලක්ෂාන්, ප්‍රමුද් හෙට්ටිවත්ත සහ විකුම් සංජය දවාගනිමින් මෙම දස්කම කිරීමට ළහිරු සමරකෝන්ට හැකිවිය.
නුගේගොඩ පිල කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහර දෙමින් සිටියදී හවස් භාගයේදී ඇති වූ වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට සිදුවිය. තරගය අතහැර දමන විට නුගේගොඩ පිල ඕවර 19 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 164 ක් රැස්කර සිටියේය.
තවත් තරග 5 ක් අද පැවැති අතර එහිදී සී.සී.සී, කෝල්ට්ස්, හලාවත මේරියන්ස් සහ යුදහමුදා කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය. සැරසන්ස් සහ නාවික හමුදා කණ්ඩායම් අතර තරගයත් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.
ලසිත් අබේරත්න (සී.සී.සී), ධනංජය ලක්ෂාන් (කෝල්ට්ස්), තික්‍ෂිල ද සිල්වා (හලාවත මේරියන්ස්), සමීන් කඳනාරච්චි (සෙබස්තිනයිට්ස්), අසේල ගුණරත්න සහ හිමාෂ ලියනගේ (යුදහමුදාව) අර්ධ ශතක ලබාගනිමින් අද දිනයේදී පිත්තෙන් දස්කම් දැක්වූ අතර මාලින්ද පුෂ්පකුමාර (සී.සී.සී) කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
සී.සී.සී පිලට කඩුලු 4 ක ජයක්
සී.සී.සී සහ කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
කැන්ඩි කස්ටම්ස් - ඕවර 18.4 කදී සියලුදෙනා දැවී 91
(විශ්ව විජේරත්න 36, මාලින්ද පුෂ්පකුමාර 09/4, ළහිරු මධුශංක 25/3)
සී.සී.සී - ඕවර 15.3 කදී කඩුලු 6 ක් දැවී 92
(ලසිත් අබේරත්න 53, සචිත්‍ර පෙරේරා 13/3, ඉසිත විජේසුන්දර 24/3)
කෝල්ට්ස් පිලට ලකුණු 20 ක ජයක්
බ්ලූම්ෆීල්ඩ් සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 146
(සංගීත් කුරේ 33, ධනංජය ලක්ෂාන් 63, දිලීප ජයලත් 15/2, මදුශාන් රවිචන්ද්‍රකුමාර් 31/2)
බ්ලූම්ෆීල්ඩ් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 126
(සචින් ජයවර්ධන 32, හර්ෂ විතාන 25, සාරංග රාජගුරු 22/3)
හලාවත මේරියන්ස් පිලට ලකුණු 34 ක ජයක්
පොලිස් සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
හලාවත මේරියන්ස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 164
(ලසිත් කෲස්පුල්ලේ 29, තික්‍ෂිල ද සිල්වා 54, රුමේෂ් බුද්ධික 36, කසුන් විදුර 29, මලිත් ද සිල්වා 22/3, දනාල් හේමානන්ද 35/2)
පොලිස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 130
(දුලාෂ් උදයංග 25, සුජාන් මයුර 29, පුලින තරංග 23/3, රවීන් යසස් 17/2, අවිඳු තීක්‍ෂණ 28/2)
යුදහමුදා පිලට කඩුලු 7 ක ජයක්
සෙබස්තිනයිට්ස් සහ යුදහමුදා කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
සෙබස්තිනයිට්ස් - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 141
(සමීන් කඳනාරච්චි 55, මනෙල්ක ද සිල්වා 23, සචිත ජයතිලක නොදැවී 26, අසේල ගුණරත්න 22/2)
යුදහමුදාව - ඕවර 16.3 කදී කඩුලු 3 ක් දැවී 143
(අසේල ගුණරත්න නොදැවී 58, හිමාෂ ලියනගේ නොදැවී 51, චරිත් රාජපක්ෂ 15/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.